දියගම ළමා සහ මාතෘ නිවාසයට මුල්ගල | දිනමිණ

දියගම ළමා සහ මාතෘ නිවාසයට මුල්ගල

ආනන්ද ප්‍රේමතිලක හෝමාගම සමුහ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රශ්නයක් බවට දැන් පත්ව ඇතත් මැතිවරණය කල්දාන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

හෝමාගම ප්‍රාදේශිය සභාවේ මෙහෙයවීම යටතේ රුපියල් මිලියන 155ක වියදමින් දියගම ඉදිකෙරෙන ළමා හා මාතෘ නිවාසයට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන ඇමැතිවරයා එසේ පැවසීය.

මැතිවරණ සීමා නීර්ණය කමිටු සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවට අත්සන් නොතැබීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇති අතර පළාත් පාලන මැතිවරණය සරල විදියට තැබීමට නොහැකි බවත් රටේ හැම පළාත් පාලන ආයතනයකම මන්ත්‍රිධූර සංඛ්‍යාව නව ක්‍රමය යටතේ වැඩිවන බවත් කී මහඇමැති වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි එක්සත් ජාතික පක්ෂයටයි දිගු කාලයක් දීග කෑමට නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන එකක් නොව එය එකතු කළයුතු පක්ෂයක් වන අතර රටේ දේශපාලනය වෙනස් වීගෙන යන 2017 වසර ජනතා අපේක්ෂා ඉටුකර දී දිළිඳු කමින් මුදා ගැනීමේ වසරක් වේවායැයිද පැවසීය.

උත්සව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල, බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමැති ගාමිණී තිලකසිරි හෝමාගම ප්‍රදේශීය සභාවේ ලේකම් ධර්මනි විජේරත්න මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. 


නව අදහස දක්වන්න

Or log in with...