වසර දෙකක රජයේ කැපවීමේ ප්‍රතිඵලයක් | දිනමිණ

වසර දෙකක රජයේ කැපවීමේ ප්‍රතිඵලයක්

 ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදුකළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජීඑස්පී ප්ලස් සහනය යළි ලබාගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි මෙසේ ද සඳහන් වේ.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයකි.

ඇඟලුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යළි ප්‍රවේශවීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්ථා ගණනාවක් මෙන්ම නව ආදායම් මාර්ග රැසක් ද අප රට තුළ නිර්මාණය වනු ඇත.

ජීඑස්පී ප්ලස් සහනය යළි ලබාගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහාය ලබාදුන් අය ද බොහෝය. ඒ සියලු දෙනාට ස්තූතිය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

නව අදහස දක්වන්න