වේහැල්ල ශ්‍රී වේළුවනාරාම දුරුතු පින්කම් හෙටින් අවසන් | දිනමිණ

වේහැල්ල ශ්‍රී වේළුවනාරාම දුරුතු පින්කම් හෙටින් අවසන්

 වලස්ගල සමූහ -ලක්ෂ්මන් කුමාරසිංහ

මාතර වේහැල්ල ඌරුගමුව ශ්‍රී වේළුවනාරාම රාජ මහා විහාරයේ දුරුතු මහා පින්කම් මාලාව හෙට (13) දින දක්වා පැවැත්වේ. පසුගිය 9 දින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වුණ අතර 10 දින සියක් නමකට සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. ඊයේ (11) රාත්‍රී දොඩම්පහළ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ සුමධුර ධර්ම දේශනයක් පැවැත්වුණු අතර දුරුතු පොහොය යෙදෙන අද දින විශේෂ සීල සමාධි භාවනා වැඩසටහනක් දවස පුරා පැවැත්වේ. එයට අමතරව විශේෂ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් හා කෞතුකාගාර ප්‍රදර්ශනයක් ද, සවස 7ට පූජ්‍ය දීගල පියදස්සී හිමිපාණන් විසින් විශේෂ අධිෂ්ඨාන අබ තෙල් පහන් පූජාවක් ද පැවැත්වෙන බව විහාරාධිපති අබේසේකරගම ගුණරතන නායක හිමියෝ පැවසූහ. නීග්‍රෝධමිග ජාතකය පිළිබිඹු වන දර්ශනීය තොරණ හෙට (13) දක්වා ප්‍රදර්ශනය කෙරේ.

විහාරාධිපතිහිමියන් විසින් මහා සංඝයා වහන්සේට අටපිරිකර පූජා කළ අයුරු සහ දර්ශනීය තොරණ මෙහි දැක්වේ. 

 

නව අදහස දක්වන්න