හම්බන්තොට මහා සංඝරත්නය සමඟ අගමැති සාකච්ඡා කරයි

ලුණම සමූහ සනත් ගමගේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝයා වහන්සේලා සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ(6) රාත්‍රි අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විහාරස්ථානය වෙත කැඳවාගෙන එනු ලැබූහ.

තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්ම සේන හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා අගමැතිතුමාට හම්බන්තොට ඉඩම් චීනයට ලබා දීම හා හම්බන්තොට වරාය චීනයට විකිණීම සම්බන්ධව කරුනු ඉදිරිපත් කළහ.

මෙහිදී මහා සංඝරත්නය අවධාරණය කර සිටියේ ජනතාව පදිංචි ගම් බිම් චීනයට දෙන බවට තොරතුරු ලැබීම නිසා එයට විරුද්ධව ක්‍රියා කරන බවයි.

මෙම කරුනුවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ හම්බන්තොට වරාය යටතේ අක්කර 1235ක් පමනක් චීනයට ලබා දීමට පියවර ගෙන ඇති බවයි. අක්කර 15000න් ඉතිරි ප්‍රමාණය ලබා ගැනීම තීරණය කරන්නේ ඇමැති සාගල රත්නායක හා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට එය මා බාරදෙනවා. ඒ අය කියන තැනකින් එම ඉඩම් ලබා දෙනවා. මම එම ඉඩම් ලබා ගන්න කටයුතු කරන්නේ නැහැ. හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට සංවර්ධනය එපා නම් මට කරන්න දෙයක් නැහැ. මම බලහත්කාරයෙන් ඉඩම් ගන්නේ නැහැ.

මේ ක්‍රියාත්මක වන්නේ පළමු ගිවිසුම මෙහි දෙවන ගිවිසුම හා තෙවන ගිවිසුම් ඉදිරියේ දී තියනවා. ඒවා තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ අදාළ කොමිටිවලට ඉදිරියේ දී හම්බන්තොට මහා සංඝ රත්නය මෙම කොමිටි සඳහා කැඳවීමට මා තීරණය කරනවා.

මෙම සාකච්ඡාව තීරණයකින් තොරව සංවාදාමත්මක ලෙස නිමාවට පත්විය.

අධිකරණ නියෝගය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ එම නියෝගය අවලංගු කරන ලෙසට සාගල රත්නායක ඇමැතිතුමාට මා උපදෙස් ලබා දෙනවා. කෙසේ හෝ මහා සංඝ රත්නය මෙම සාකච්ඡාව සම්බන්ව පැහැදිලි එකඟතාවකට පැමිණියේ නැති බව හම්බන්තොට ජාතික සම්පත් සුරැකීමේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු බැරගම ඥානතිලක හිමියෝ පැවැසූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...