හම්බන්තොට නිසා මැති සභය උණුසුම් - update

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

අමෙරිකානු ඩොලර් මිලියන පන්දහසකට අධික ආයෝජනයක් සහ රැකියා උත්පාදනය කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියට ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධය පළකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන,බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම,විමල් වීරවංශ,නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් සිය අදහස් දක්වමින් විරෝධය පලකළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මධ්‍යස්ථව සිය අදහස් පලකළේය.

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට හා පසුගියදා හම්බන්තොටදී ඇතිවූ සිද්ධියට විරෝධය පළකරමින් අදහස් දැක්වූ අතර මේ හේතුවෙන් සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දිගින් දිගටම මෙම උණුසුම්කාරි තත්ත්වය පැවැති අතර අගමැති රනිල් වික්‍රමසිංහ රජයේ සංවර්ධන වැඩපිලිවෙළ හා ස්ථාවරය සභාවට ඉදිරිපත් කළේය.

මෙම ව්‍යාපෘතිය මඟින් හම්බන්තොටට හා රටට අත්වන ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන් ධිවර ඇමති මහින්ද අමරවිරද අදහස් දැක්වීය.

තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - update

ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා තිරසාර සංවර්ධන සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

2015 වසරේදී සම්මත කැරගත් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකා රජයේ තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් හා ඒ ආශ්‍රිත අරමුණු 169ක් ක්‍රියාත්මක කිරීමත් මෙම සංවර්ධන සභාව පිහිටුවීමේ අරමුණු අතර වේ.

තිරසාර සංවර්ධන සභාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනකු ජනාධිපතිවරයා විසින් පත්කරන අතර අගමැතිවරයා විසින් එක් සාමාජිකයෙක්ද,පළාත් නවයෙන් සාමාජිකයින් නවදෙනෙකුද පත්කිරීමට නියමිතය.

තිරසාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් , ජාතික ප්‍රතිපත්ති හා සැළසුම් සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්,හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම සභාව වෙත නිල බලයෙන් පත්වේ.

තිරසාර සංවර්ධන සභාව වෙත පත්කරන සාමාජිකයින්ට අදාළ විෂයන් සම්බන්ධ ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් තිබිය යුතු බවත් පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.

2016 අගෝස්තු 12 දින පළකරන ලද ජනරජ ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස අගෝස්තු 15 දින නිකුත් කළ ගැසට් පත්‍ර දෙවැනි කොටසේ මෙම පනත් කෙටුම්පත ප්‍රසිද්ධ කර ඇත.

තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා කතානායක කරූ ජයසූරිය විසින්ද පසුගියදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ අතර එහි සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල කටයුතු කරයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...