හම්බන්තොටත් ආසන්නයෙත් ආයෝජනත් කර්මාන්තත් ඕනෑ | දිනමිණ

හම්බන්තොටත් ආසන්නයෙත් ආයෝජනත් කර්මාන්තත් ඕනෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

හම්බන්තොට ඇතුළු ආසන්න අනෙකුත් ප්‍රදේශවල සංවර්ධනය සඳහා ආයෝජන හා කර්මාන්ත ඇතිවිය යුතු බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.

කර්මාන්ත හා සංවර්ධන ක්‍රියාවලීය සිදුවිය යුත්තේ කිසිවකුටත් හානි නොවන ආකාරයට බවත් පසුගියදා සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොටදී පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) සිය අදහස් දක්වමිනි.

මෙම සිදුවීමේදි ජනතාව වඩාත් කලබලයට පත්වූයේ හම්බන්තොටින් ඉඩම් අක්කර 15000ක් ගන්නා බවට සඳහන් කළ නිසා බවත් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විනාශයක් වැළැකුණු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා:-

‍මේ සඳහා කර්මාන්ත එන්න ඕන. කිසි‍වෙකුටත් හානියක් ‍නො‍වන විදියට එය සිදුවිය යුතු ‍වෙනවා. නමුත් ප්‍රශ්නයකට ති‍බෙන්නේ හම්බන්‍‍තොට වරාය ආසන්න‍යේ පැවැත්වීමට ගිය සාමකාමී උද්ඝෝෂණය සඳහා පහරදීම පිළිබඳව කතාකළ යුතුයි. එය කලබයට පත් ක‍ළේ කවුද. ‍පොලු අර‍ගෙන සිටි‍යේ කවුරුන් ද. ගල් ගැසු‍වේ කවුරුන් ද යන්න වීඩි‍යෝ දර්ශන පරීක්ෂා කරන්නේ නම් ‍සොයා ගන්න පුළුවන්. තුවාල වු‍ණේ ස්වාමීන් වහන්‍‍සේලාටයි. ‍මේ සම්බන්ධ‍යෙන් අගමැතිවරයා විසින් වි‍ශේෂ පරීක්ෂණයක් ආරම්භ කළයුතු ‍වෙනවා. ‍පොලිස්පතිවරයා ඉදිරි‍යේ ගල් ගැසුවා. ‍මේ තුළින් ජනතාව කුපිත වූවා.

නමුත් හම්බන්‍‍තොට ගැන කතාකරන විට වරාය හැදු‍වේ කර්මාන්ත හදන්න. ඒකට පවරාගත් භූමියක් ති‍බෙනවා. ඊටත් අමතරව ඉඩම් අවශ්‍ය නම් ‍යොදාගත හැකි ඉඩම් ති‍බෙනවා. ඊට අමතරව ‍මොණරාගල, මාතර, ඇඹිලිපිටියට ව්‍යාප්ත කරන්න පුළුවන්. 2014 සැප්තැම්බර් මාස‍යේ දී වරාය අධීකාරිය චයිනා හාබර් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් කර ති‍බෙනවා. මම ඉල්ලනවා ඒ සම්බන්ධ‍යෙන් සළකා බලන්න කියා.

නව අදහස දක්වන්න