මකුණන් මර්දනයට ‘සුරේ ග්‍රීන් කෘමි මර්දන උපකරණය’ | දිනමිණ

මකුණන් මර්දනයට ‘සුරේ ග්‍රීන් කෘමි මර්දන උපකරණය’

 

මකුණන් සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වන්නේ රාත්‍රීයේදීය. ශරීරයේ මකුණන් දෂ්ඨ කළ ස්ථානවල ඇතිවන රතු ලප බොහෝවිට මදුරුවන් හෝ වෙනත් කෘමින් දෂ්ඨ කිරීමක් ලෙස වැරැදි වැටහීම් ඇති කෙරේ. ඇඳවල්වල සහ සෝෆාවල හිඩැස් හෝ දාරවල මෙන්ම රෙදිපිළිවෙළින් කුඩු තැනීමට මකුණ්න ප්‍රිය කරන්නේ එවැනි තැන්වල පිටිමෙන් උන්ට උන්ට කෙනෙකුගේ රුධිරය උරාබීම වේගවත් කිරීමට හැකිවන බැවිනි. අතිශයින්ම ගැටලුකාරි උවදුරක් වන මෙය මුලිනුපුටා දැමීම බෙහෙවින් අසීරුය. මකුණන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නම් වැඩිහිටි මකුණන්ද, පිළවු අවස්ථාවේ සිටිනවුන්ද මකුණු බිත්තර ද විනාශ කළ යුතුය.

කෘමීන් පාලනය කිරීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ කෘමීන් පාලනයට නව තාක්ෂණයේ හඳුන්වාදීම් කිරීමෙන් කීර්තියට පත් වූ සුරේන් කුක් ඒජන්සිය මකුණන් මර්දනයට අංශක 180ක උෂ්ණත්වයකින් යුතුව හුමාලය පිටකිරීම මගින් ක්ෂණිකවම මකුණන් මර්දනය කරන උපකරණයක් ‘සුරේ ග්‍රීන් එරඩිකේෂන්’ නමින් හඳුන්වා දෙයි. කෘමීන් මර්දනයට සිදුකරනු ලබන සෞඛ්‍යයට අහිතකර වෙනත් දුම් ගැසීම් ආදිය හා සංසන්දනය කිරීමේ දී මේ නව උපකරණයේ විශිෂ්ටත්වය මෙන්ම එමගින් පරිසරයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවන බවත් ඒ සම්බන්ධව සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

කෘමීන් හා මදුරු මර්දනයට පිළියම් කිරීමේ දී අදාළ ස්ථානවලින් ඉවත්වීමට ජනතාවට සිදුවන අතර පුරේ ග්‍රීන් කෘමිනාශක උපකරණය මිනිසුන් ගැවසෙන ස්ථානයක දී වූවත් භාවිත කළ හැකිය. ඔබේ නිවසේ, හෝටලයේ හෝ කර්මාන්තශාලාවේ බෝවන මකුණු මර්දනයට පැහැදිලිවම හොඳම විසඳුම පුරේ ග්‍රීන් කෘමි මර්දන උපකරණයයි.

විශ්වාසවන්ත සේවාවක් සහ නිනි ක්‍රියාකාරිත්වයකින් යුතු උපකරණ මගින් සිය පාරිභෝගිකයන්ට හොඳම කෘමි මර්දන සේවාවන් සලසාලමින් දශක තුනකට අධික කාලයක් පුරා කීර්තිය දිනා සිටින පුරේ කුත් ඒජන්සිය කෘමි කළමනාකාරිත්වය ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයයි. 

නව අදහස දක්වන්න