සුන්දර මල්වතු ඔය අසුන්දර කළ කුණු කසළ | දිනමිණ

සුන්දර මල්වතු ඔය අසුන්දර කළ කුණු කසළ

අමිල ප්‍රභාත් වනසිංහ

නගරවාසීන් විසින් ඉවතලන කැළි කසළ මල්වතු ඔයට ගලා බැසීමට සැලැස්වීම නිසා අනුරාධපුර නගරය මැදින් දිවෙන සුන්දර මල්වතු ඔය මේවන විට දැඩි ලෙස අපවිත්‍ර වී තිබේ.

දීර්ඝ කාලයක සිටමේ කටයුත්ත සිදු වුවද ඒ කෙරෙහි බලධාරින් මෙතෙක් නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම ගැටලුවට හේතු වී ඇතැයි නගරවාසීහු සදහන් කරති. ඇතැම් ආයතනවල හා නිවෙස්වල ඉවතලන අප ද්‍රව්‍ය කානු පද්ධති ඔස්සේ මල්වතු ඔයට ගලා බැසීමට සලස්වා ඇති බවත් ඇතැම් නිවැසියන් හිතා මතාම අපද්‍රව්‍ය ඔයට මුදා හැරීම සිදු කරන බවත් ඔවුහු පවසති.

නගරයේ ඇතැම් කානු පද්ධති මගින් ගලා බසින ජලය මල්වතු ඔයට වැටෙන හෙයින් විශේෂයෙන් වැසි සහිත කාල සීමාව තුල මෙම තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. ඔයට කසළ මුදා හැරීම දිනපතා සාමාන්‍ය තත්ත්වයෙන් සිදු වන හෙයින් වගකිව යුතු බලධාරීන් මේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද නගරවාසීහු කියති. මල්වතු ඔයේ ජලය විශාල පිරිසක් දිය නෑමට හා රෙදි සේදීමට පාව්ච්චි කිරීමට පුරුදුව සිටින හෙයින් එම පිරිස් මේ නිසා දැඩි අපහසුතාවට මුහුණ පා සිටිති. එමෙන්ම ඇතැම් ස්ථානවල දුර්ගන්ධයක් ද පැතිරෙමින් පවතී.

නව අදහස දක්වන්න