ලොව වැඩිම බර කාන්තාවගේ සැත්කමට | දිනමිණ

ලොව වැඩිම බර කාන්තාවගේ සැත්කමට

ඉන්දියා රෝහලක ගොඩනැගිල්ලක් හදයි 

බර අඩු කිරීමේ ශල්‍ය කර්මයක් සඳහා ඉතා ඉක්මණින් යොමු විය යුතු ලොව වැඩිම බර ඇති කාන්තාව ලෙස සැලකෙන කිලෝ ග්රෑම් 500ක් (රාත්තල් 1,102) බරැති ඊජිප්තු කාන්තාවගේ ශල්‍ය කර්මය සිදු කිරීම සඳහා ඉන්දියාවේ රෝහලක් විශේෂ පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට කටයුතු කරයි. ඒ අනුව මුම්බායි හි සයි‍ෆී රෝහලේ ඉදි වන මේ විශේෂ ගොඩනැඟිල්ල ශල්‍යාගාරයකින් සහ දැඩි සත්කාර ඒකකයකින් සමන්විතය.

36 හැවිරිදි එමන් අහ්මද් අබ්ඩ් එල් අටි මේ මස අවසානයේදී විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය වසර විසි පහකින් නිවසින් එළියට බැස නැති බවයි. ඇයගේ බර ඇස්තමේන්තුර කර ඇත්තේ ද ඥාතීන් විසිනි.

එය ඇගේ සැබෑ බර වන්නේ නම් ලොව වැඩිම බරැති කාන්තාව ලෙස වත්මන් ගීනස් වාර්තාව හිමි ‍පෝලින් පොටර් ගෙන් එම වාර්තාව ගිලිහෙනු ඇත. 2010 වසරේ දී ගිනස් වාර්තා අතරට එක්වූ ඇගේ බර කිලෝ ග්රෑම් 292 (රාත්තල් 643) කි. ඇයට ඉන්දියාවට පැමිණීම සඳහා වීසා ලබාදීමට ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් පෞද්ගලිකවම මැදහත් වූ බව වාර්තා වේ.

බී. බී. සී

නව අදහස දක්වන්න