මත්ස්‍ය ආදායම ඉහළට | දිනමිණ

මත්ස්‍ය ආදායම ඉහළට

 2015 අවුරුද්දට සමගාමීව 2016 අවුරුද්දේදි මුහුදු ආහාර අපනයන ආදායම සියයට විසි අටක වර්ධනයක් ලබා ඇතැයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය වේ.2012 සිට පහළ යමින් තිබූ මත්සය සහ මුහුදු ආහාර අපනයන ආදායම යළිත් වර්ධනය වීමට පටන් ගෙන ඇත්තේ පසුගිය 2015 අවුරුද්දෙන් පසුවය. මෙම කාලය තුළ මුහුදු ආශ්‍රිත ආහාර මගින් උපයන ආදායම විශාල ලෙස ඉහළ යාමට යුරෝපා සංගමය මෙරට වෙත පනවා තිබූ මත්සය අපනයන තහනම ඉවත් කිරීම ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේශකයො අදහස් පළ කරති.

මුහුදු ආහාර අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.00 ආදායමක් හිමි කර ගෙන ඇති අතර එම ආදායම 2016 වන විට අමෙරිකානු ඩොලර් 12.8 දක්වා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

නව අදහස දක්වන්න