සුදුහඳුන් තොගයක් සමඟ සැකකරුවෙක් මාට්ටු | දිනමිණ

සුදුහඳුන් තොගයක් සමඟ සැකකරුවෙක් මාට්ටු

අත්තඩංගුවට ගත් සුදුහඳුන් කඳන් පරික්ෂා කරමින්.

හක්මණ පොලිස්වසමට අයත් මීඇල්ල පනන්වෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ සුදුහඳුන් ශාක කඳන් කිලෝ ග්‍රෑරැම් 50ක් සමඟ සැකකරුවෙක් පසුගියදා අත්තඩංගුවට ගත් බව හක්මණ පොලීසිය කියයි.

අත්තඩංගුවට ගත් සුදුහඳුන් තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දහසක් පමණ වෙතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.අත්තඩංගුවට ගත් සුදුහඳුන් තොගය සහ සැකකරු 17 වැනි දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර,උප පොලිස් පරික්ෂක ආර.ප්‍රේමතිලක,පො.සැ.කපිල වීරසිංහ,පො.කො.එම්.එ්.එස්.ප්‍රියංකර, පො.කො.තුෂාර ඉන්දික,පො.කො.නිලංග විජේරත්න යන නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර ඇත.

තමරසිරි විජේසේකර

නව අදහස දක්වන්න