හම්බන්තොට 25ක් යළි රිමාන්ඩ් | දිනමිණ

හම්බන්තොට 25ක් යළි රිමාන්ඩ්

මිරිජ්ජවිල අයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 25 දෙනෙකු යළි එළැඹෙන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 29 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කර අැත.

එයින් සිවු දෙනෙකුට සුවිශේෂී කාරණා යටතේ ඇප ලැබුණි.

නව අදහස දක්වන්න