ලෙඩ රෝග ‍රටට පැමිණීම වැළැක්වීමට නීති දැඩි කළ යුතුයි | දිනමිණ

ලෙඩ රෝග ‍රටට පැමිණීම වැළැක්වීමට නීති දැඩි කළ යුතුයි

නිරුෂි විමලවීර
සන්ධ්‍යා කරුණාරත්න

රටේ සෞඛ්‍යට ඇතිවිය හැකි අහිතකර බලපෑම් වළකාළීම සඳහා විදේශීය සංක්‍රමිණිකයන්ට වීසා ලබා දීමේදී ආගමන විගමන නීති දැඩි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අලුත් ලෙඩ රෝග රටතුළට ඇතුල් වීම වළකාළීමේ අරමුණෙන් මේ නීතිරීති දැඩි කළ යුතු බවද එය කාලෝචිත ක්‍රියාවක් වනු ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය (ශික්ෂණ) රෝහල ඊයේ (31) දී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා“අසල්වැසි රටවලින් අපේ රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් නිදහස් සෞඛ්‍යට තර්ජනයක් එල්ලවී තිබෙනවා. කලාපය තුළ තිබෙන රටවලින් දෛනිකව සංක්‍රමණිකයින් අපේ රටට පැමිණෙනවා.

ඇතැම් සංක්‍රමණිකයන් උදේට පැමිණ සවසට ආපසු යනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය අභියෝගයක්. එය අද ඊයේ ඇතිවූවක් නොවේ. ඒ නිසා රට තුළට පැමිණීමේදී හා පිටවීමේදී වීසා ලබා දීමේදී ආගමන විගමන කටයුතු දැඩි කළ යුතුයි. රජයක් ලෙස එම ගැටලු විසඳා ගැනීමට ප්‍රමුඛතාවක් දිය යුතු යැයිද සඳහන් කළේය. 

නව අදහස දක්වන්න