ජනපති විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ති‍ෙයනවා | දිනමිණ

ජනපති විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ති‍ෙයනවා

චන්ද්‍රිකා පෙරේරා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන පක්ෂ දෙක එක්කර සංකීර්ණ රාජ්‍ය විව්‍යුහයක් ගොඩනඟා එකඟ නොවන ප්‍රතිපත්ති තිබියදී රටට වැඩදායී විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන ඇමැති එස් බී දිසානායක මහතා පැවසී ය.

1977න් පසු බලයට ආ කිසිදු නායකයෙක් නොකළ ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු ඉ‍ටුකරමින් තම බලය බෙදා හරිමින් 19 සංශෝධනයට එකඟ වූ අතර තම බලය බෙදා දෙමින් ක්‍රියාකළ ලොව මෙතෙක් බිහි වූ එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

රතන හිමි ස්වාධීනව සිටීමට ගත් තීන්දුව නිවැරදි බවත් එදා 18 ව්‍යවස්ථා සංශෝදනය අවස්ථාවේ එය ඉවත්කැර නොගන්නේ නම් එළියට බැස සටන් කරන බව ප්‍රකාශකළ පළමු තැනැත්තා එම හිමියන් බවත් සඳහන් කෙළේ ය.

සයිටම් ආයතනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු මහතාට ස්තුතිය පුදකරන බවත් එහි යම් අඩුපාඩුවක් තිබේනම් එය නිවැරදිකර වෛද්‍ය සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත් කීය.

බත්තරමුල්ල සෙත්සිරිපාය සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍යංශයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදි දිසානායක මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසී ය.

ශ්‍රිලනිපයේ නිර්මාතෘ දිවංගත එස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා සිහිගන්වමින් සිදුකළ දානමය පින්කමට භික්ෂූන් වහන්සේ දහසකට ආරාධනා කර තිබුනද දෙදහස් දෙදෙනෙක් ඒ සඳහා වැඩිය බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය.

එකිනෙකට එකඟ නොවන පක්ෂ දෙකක් එක්කර ආණ්ඩුවක් පිහිටුවා විශාල ජයග්‍රහණ ලබමින් රටට එරෙහි දේවල් නවතා දැමීමට මෛත්‍රීපාල මහතා කටයුතු කැර තිබෙන අතර මහ බැංකු වංචාවට එරෙහි නැඟීසිටීමට ශක්තිය ලබා දෙමින් නිවැරදිව කටයුතු කිරීමට ජනාධිපති කොමිසමක් ද පිහිටෙව්වා. විවිධ කොමිෂන් වලට නිවැරදි පත්කිරීම් කළා.

ශ්‍රීලනිපයේ පිල් බෙදීමක් තිබියදී පක්ෂය ශක්තිමත් කිරීමට දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළා.මේ හරහා නිසි දැනුවත් කිරීමේ කටයුතු සිදුකෙරෙනවා.

පක්ෂයෙන් ඈත් වී සිටි අයත් මහින්ද මහතාට ලංව සිටි අයත් එක්කර මේ කටයුතු සිදු කරන්නේ.

ශ්‍රීලංකා නිදහස් පාක්ෂික පාර්ලිමේන්තු,පළාත් සභා ප්‍රාදේශීය සභා නගරසභා දේශපාලඥයන්ට තර්ක දෙකක් ති‍බෙනවා.පාක්ෂිකයන් තවමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැමති වීම නිසා ඒ අය සමඟ සිටින බවත් එජාපයට ගැතිවෙන්න බැහැ කියන එකත් ඒ අයගේ මතය.

පක්ෂයෙන් එළියට බැහැලා පොදු අපේක්ෂක වෙන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවුනේ මහින්ද මහතා නිසයි.කාගෙන්වත් අසන්නැතුව ඉක්මන් ජනාධිපතිරණයකට යාම, මෛත්‍රී මහතා ජයගත් පසු පක්ෂ නායකත්වය එතුමාට බාරදීම යන කරුණු නිසයි ගැටලු ඇති වුණේ.

චන්ද්‍රකා මැතිනිය ඉවත් කරන්න අවශ්‍ය නිසා මහින්ද මහතා ජනාධිපති වූපසු පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර 'පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති වූ විට ඔහු පක්ෂ සභාපති ලෙස නිරායාසයෙන් පත් වන අතර පක්ෂයේ ජනාධිපති ලෙස සිට ඉවත් වුවොත් ඔහු අනුශාසක වන බවටද ' නව ඡේද එක්කලා. මෛත්‍රී මහතා ජනාධිපති වන විට පක්ෂයෙන් ඉවත්කර තිබුනෙ. මහින්ද මහතා මහතායි මෛත්‍රීපාල මහතාට නැවත නායකත්වය දෙන්න තීරණය කෙළේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී රාජ්‍ය ,දේශපාලන,දේපළ,මාධ්‍ය සියල්ලේ බලය මහින්ද මහතා සමඟ තිබියදි ඊ‍ට එරෙහිව යමින් මෛත්‍රී මහතා එළියට බැස පොදු අපේක්ෂක ලෙස කටයුතු කළේ.

එදා මැතිනියගේ කාලෙ 1977දි මැතිණියගේ සිවිල් අයිතිය නැති කර තිබියදී ඡන්ද 14ක් පැරදුනා. ඒවනවිට නායකත්වයේ පළමුපෙළ සිටි මෛත්‍රී, ස්ටැන්ලි තිලකරත්න, අනුර බණ්ඩාරනායක පිරිස පක්ෂය කරගෙන යාමට ඉල්ලුවත් මැතිණිය දුන්නේ නැහැ. ඒ නිසා ඒ අය පක්ෂය කඩාගෙන ගියා. ඊලඟටය විජය චන්ද්‍රකා ඇතුලු පිරිසක් කඩාගෙන වෙනම පක්ෂයක් පිහි‍ටවා ගත්තා. මේ සියලු පක්ෂ නැති වුනා.

නමුත් ශ්‍රි ලනිපය පැවතුණා. මේ දේවල් දෙස බලා ඊළඟ මැතිවරණය ජයගැනීමේ කාර්යය කළ හැකියි.

මහ මැතිවරණය මහින්ද මහතාට මෙහෙයවන්න දුන් නිසයි පරාජය වුනේ. එදා මෛත්‍රී මහතාට මෙහෙ‍යවන්න දී චමල් රාජපක්ෂ මහතාට නායකත්වය දෙන්න කී දේ මහින්ද මහතා ඇසුවා නම් අප පරාජය වන්නේ නැහැ.

මේ වන විට පක්ෂය ගොඩනඟන ආකාරය අප පාක්ෂිකයාට කියනවා.

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරු 90%ක්ම පක්ෂයේ තීරණ අනුව ආණ්ඩුවට එක් වූ අය‍‍‍‍.මේ එකතුවීම හරහා ජයග්‍රහණ රැසක් ලැබුනා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පක්කළ කොමිසම හා ජිනීවා කොමිසම ඉදිරිපත් කරන්න සිටි වාර්තාවට මුහුණදීමේ ගැටලුවක් තියුණු නිසයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ගියේ.

ඔහු 18 වැනි ව්‍යවස්ථා සංශෝදනය ගෙනැවිත් ජේ ආර් ජයවර්ධන මහතාටත් එහා ගිහින් ඕනෑම වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත්කළ හැකි තත්ත්වයක් ඇති කර තවදුරටත් ආඥාදායක තත්ත්වයක් ඇති කළා. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ පාලනය කිරීමේ බලය තනි අතට ගත්තා. අපි හැමෝම එයට ඡන්දය දුන්නා. නමුත් පක්ෂය ඇතුලෙ සාකච්ඡා තිබුණා.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා 19 සංශෝදනය ගෙනැවත් කිසිවෙක් නොකළ ලෙස සිය පොරොන්දු ඉටුකළා.

13වන සංශෝදනය ගෙනා විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඒකියත්වය රැකෙන නිසා. මේ නිසා ශ්‍රීලනිපය 19න් එහා ගිය වෙනසකට කැමති නැහැ.

'මෛත්‍රී සමාජයක් ' පොතේත් ජනමත විචාරණයකට යන ව්‍යාවස්ථා සංශෝධනයකට එකඟ නැති බවත් එයින් එහා ගිය ව්‍යාවස්ථා සංශෝධනයකට අත නොතබන බවටත් සඳහන් කර තිබෙනවා.

රතන හිමියන් යහපාලන ආණ්ඩුව ගොඩනැඟිමට විශාල මෙහෙයක් ඉටුකළා. දේශීය ආහාර නිෂ්පාදනය, ගොවිතැන සම්බන්ධයෙන් දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගියා . දේශීය ආහාර නිෂ්පාදනය වසවිස නැති ආහාර ,තිරසර ශ්‍රීලංකාවක් ගොඩනැඟීමට විශාල කැපවීමක් කළා.‍ඒ අනුව ඒ හිමියන් රටේ ‍ගෞරවයට පාත්‍රවිය යුතුයි.

සයිටම් මා සිටි යුගයේ ආරම්භ කෙළේ. පිටරටවල ගිහින් දුක් විඳින දරුවන් වෙනුවෙන් ස්ථාපිතවු මේ ආයතනයේ ඉගැන්වීම් සිදුකරන ආචාර්ය මහාචාර්ය වරු බොහෝ දක්ෂයි. මෙය ආරම්භ කිරීමට මුල් වූ නෙවිල් ප්‍රනාන්දු මහතාට මගේ ආශිර්වාදය මෙන්ම සුබපැතුම් පිරිනමනවා. 

නව අදහස දක්වන්න