ක්‍රිෂ්ණමුර්ති ක්‍රමයට සෙනසුරු මාරුව | දිනමිණ

ක්‍රිෂ්ණමුර්ති ක්‍රමයට සෙනසුරු මාරුව

පසුගිය සතිෙය් ඉතිරි ෙකාටස...

ජනවාරි මස 26 වැනිදා ශනි, ධනුවට ගමන් කළේය. එම දිනයේ එම වේලාවටම කේතුගේ නැකතට අවතීර්ණවිය. මේ ලෙස ශනි එකවර රාශියත් නැකතත් යන දෙකම මාරුකරන්නේ අවස්ථා තුනකදී පමණි. එනම් කටකයේ සිට සිංහයට මාරුවෙන අවස්ථාවේත්, වෘශ්චිකයේ සිට ධනුවට මාරුවන අවස්ථාවේත්, මීනයේ සිට මේෂයට මාරවෙන අවස්ථාවේත් පමණි. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව නැකතේ ගමන වඩා වැදගත්වන බැවින් සෙනසුරු මාරුවේදී මෙය සුවිශේෂි අවස්ථාවකි. මෙම ලිපියෙහි එක් කොටසක් පසුගිය සතියේ පළවිය. අද පළවන්නේ එහි ඉතිරි කොටසය.

තුලා

ශනි 3 ගමන් කරන්නේ 5 යන කේතුගේ නැකතේය. කොන්ත්‍රාත්, බ්‍රෝකර්, කොමියුනිකේෂන් කොමිස් බිස්නස් ආදියේ යෙදෙන්නනට වාසිය.

ලොතරැයි ජය හා සූදු මාට්ටු ජය පෙන්වයි. ක්‍රීඩා ක්ෂේත්‍රවල නිරත වී සිටින්නන්ටද ඉස්මතුවීමේ අවස්ථාව පැමි‍ණේ.

කෙටි ග මන් නිසා වාසි සැලසේ. තම දරුවන්ගේ සුගතියක් පෙන්වයි. අප්‍රේල් අග සිට දරුවන්ගේ ප්‍රශ්න නිසා අසහන කාරිතත්ත්වයක් ඇතිවෙයි.

ඉඩකඩම් දේපළ ප්‍රශ්න නිසා අධික වියදම් පෙන්වයි. අඩමාන බිස්නස් කොන්ත්‍රාත් ආදියෙන් පාඩු සිදු වෙයි. ගන්නා තීරණ අවාසියට සිටියි.

ගැබිනි මව්වරුන් ප්‍රවේසම් විය යුතුයි. අගෝස්තු අග කේතු මකරයට යන අතර කේතු ගේ නැකතේ යන ශනි වක්‍රයෙන් මිදේ. මෙය ඉඩම් දේපළ ගනු දෙනු වලට හිතකර කාලයකි. විශේෂයෙන් විකිණීමේ ගනු දෙනුවලින් වාසියගෙන දෙයි. පාසල්අධ්‍යාපනයට බාධා ගෙනදෙයි.

කෘෂිකර්ම, පතල් එස්ටේට් ආදියේ නිරතවන්නන්ට වාසිය ගෙන දෙයි.

වෘශ්චික

ශනි 2 ගමන් කරන්නේ 4 යන කේතුගේ නැකතේය. ඉඩකඩම් දේපළ වතුපිටිවලින් ආදායම් ලබන අයට හිතකර කාලයකි. පාසල් අධ්‍යාපනයට බාධා ගෙන දිය හැකි නමුත් අවසන් ප්‍රතිඵලය හිතකර වේ. අප්‍රේල් අග සිට අගෝස්තු දක්වා ඉහත සඳහන් ක්ෂේත්‍රවල පසුබැසීම් රාශියක් වේ. මවද ඔත්පල විය හැක. ඉඩකඩම් හබ ඇතිවෙයි. දියවැඩියා ළය පීනස රෝග රූමැටික් ආබාධ ඉස්මතු වෙයි.

අගෝස්තු අග සිට වාසස්ථාන මාරුවීම් සිදුවිය හැක. විකිණීමේ ගනුදෙනු වලින් වාසිය ගෙනදෙයි. කෙටි ගමන් නිසා හදිසි අනතුරු පවා සිදු විය හැක.

තම බාලසහෝදරයන් සමඟ ගැටුම් ද ඇති වෙයි.

අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වෙයි. අනුන්ට අතදීමට පටන් ගනියි. කුසේ ආබාධවලට ශල්‍යකර්ම ආදියට භාජනය වීමටද බැරි නැත.විවාහ ජීවිතයේ සමඟියට බාධා ඇතිවෙයි. හවුල් ව්‍යාපාරිකයන් අතර අසමඟිය වර්ධනය වෙයි. තම සේවා ස්ථානයේ යටත් සේවකයන් සමඟ ගැටුම් නිර්මාණය වේ.

ධනු

ශනි ලග්නයේ ගමන පටන් ගත් අතර ශනි යන නැකත අධිපති කේතු යන්නේ කුම්භ යෝය. කෙටි ගමන් නිසා අවාසිය සිදුවේ. වාසස්ථාන මාරුවීම් සිදුවිය හැකි අතර පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයටද පසුබැසීම් පෙන්වයි. අසල්වැසියන් සමඟ සබඳතා ඇතිවේ. සම්න්ධිකරණ කටයුතු දියුණු වෙයි. වෘත්තීය මෙන්ම වෙනත් ගිවිසුම් ආදිය අස්සන් කෙරේ. ප්‍රකාශන මුද්‍රණ අංශ ආදියේ නිරතවූවන්ට වාසිදායකය. අප්‍රේල් සිට ශනි වක්‍රවීම් සමඟ මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රකාශන ක‍්ෂේත්‍රයේ අයට තරමක පසුබැසීමකට ලක්විය හැක. ප්‍රවාහන හා ග මනා ගමනය නිසාද අධික වියදම් පෙන්වයි. වාසස්ථාන ප්‍රශ්න ඇතිවිය හැක. තම බාල සහෝදරයන් සමඟ ගැටුම් ඇතිවෙයි. තමන්ට ලැබීමට නියමිත ලියුම්, පණිවුඩ ආරා ධනාපත්‍ර කැඳවීම් ගිවිසුම් අස්සන් කිරීම ආදිය කල්ගතවෙයි.

අගෝස්තු වලින් පසු ප්‍රමාද වෙමින් තිබු චෙක්පත් මුදල් ආදිය ලැබිය හැක .දරුවන් වෙනුවෙන් අධික වියදම් පෙන්වයි. වර්ෂයේ අග භාගය වන විට වියදම් වැඩිය. වංචාකාරයන්ටද ගොදුරක් විය හැක. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අයට තුවාල වීම් රෝහල් ගතවීම ඇතිවිය හැක. නඩුහබ ආදියටද මුහුණදීමට සිදුවිය හැක.

පැරණි දේවල් ගැන ගවේෂන කිරීමට සිතයි. ධන හානියක්ද පෙන්වයි.

මකර

ශනි 12 ගමන් ආරම්භකළේ 2 යන කේතුගේ නැකතේය. වියදම් මෙන්ම ආයෝජන යෙදීම්ද වැඩියි. ලැබෙන ආදායමක් වෙතොත් අතේ රඳවා ගැනීමට නොහැකි වෙයි. ප වුල් අවුල් ඇතිවී වෙන්වීම්ද සිදුවිය හැක. පාසල් අධ්‍යාපන කටයුතු වලට බාධා ද පෙන්වයි.

අප්‍රේල් 7 සිට ශනි වක්‍රවෙයි. මුදල් හිරවීම් සිද්ධවෙයි. කට ප්‍රවේසම් කරගත යුතු කාලයකි. කටවරද්දා ගැනීම නිසා බොහෝ අවාසි සිදුවිය හැක. නිරපරාදේ විදේශ ගමන්වලට වියදම් කිරීමටද සිදුවිය හැක. නමුත් කාරණා ඉෂ්ට නොවී තවදුරටත් කල්යෑම්වලට භාජනය වේ.

අ‍ගෝස්තු 27 යළිත් කෙළින් ගමන්කරන විට වෘශ්චිකයේ බුදගේ නැකතේ ඇත. විදේශ ගමන් යෑමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපන කටයුතු ද නැවත සාර්ථකව කරගෙන යෑමට අවස්ථාව ලබයි. අගෝස්තු 21 සිට යම් සාර්ථක කාලයක් ඇතිවෙයි. ඉඩම් දේපල නිවාස ආදියට ආයෝජන කිරීමෙන් ප්‍රතිඵල පාඩු නොවේ. නිවසක් තනාගැනීමට අපේක්ෂා කරන අයට සුදුසු කාලයකි. කෘෂිකර්ම පතල් ආදී ක්ෂේත්‍රවල නිරතවී සිටින අයටද වාසිදායක වෙයි. විදෙස් මූලාශ්‍ර වලින් ආදායම් ලබමින් සිටින අයටද අපනයන ආනයන අංශ, විදෙස් රැකියා කරන අයට ආදායම් වැඩිවේ.

කුම්භ

ශනි 11 ගමන්කරයි. එසේ යන කේතුගේ නැකතේය. බොහෝ කාරනා වලට ප්‍රමාද දෝෂයන් ඇතිවුණත් හොඳ පිහිටීමකි. වීර්යේ සහ මහන්සියේ ප්‍රතිඵලයයි. ගුප්ත ඉවක් ඇතිවෙයි. ඉදිරියට විය හැකි අනතුරුදායක තත්ත්වයත් එම ඉවෙන් දැනෙයි. පැරණි මිතුරන් හමුවී ඔවුන් ගෙන් උදව් ලබයි. වැඩිහිටියන්ගෙන්ද උදව් ලබයි. තම අධිෂ්ටාන ශක්තියත් ආත්ම ශක්තියත් ගොඩනැ‍ඟෙයි. රැකියා උසස්වීම් ලැබිය හැක. රාජ්‍ය ප්‍රභූන් වැනි ඇමැතිවරුන්ගෙන්ද උපකාරගත හැක.

පරිපාලන ක්ෂේත්‍රයේ යෙදෙන අයට වඩා වාසිදායක තත්ත්වයක් උද්ගත වෙයි. එම කාර්යයන් සාර්ථක කරගත හැක. ගන්නා තීරණ තමාගේ වාසියට හේතුවේ. උසස්වීම්ද ලැබිය හැක. පහතවැටී තිබූ ආදායම් තත්ත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කරගත හැක. පැරණි දේ හාරා ඇවිස්සීමට සිතේ. පර්යේෂන සහ ගවේෂන සාර්ථක වෙයි. අප්‍රේල් 27 සිට අගෝස්තු මැද දක්වා යම් පසුබැම් ඇතිවිය හැක.

අගෝස්තු 21 සිට රැකියා වෙනස්කම් ඇතිවෙයි. දුරපළාත් වලට මාරුවීම්ද සිදුවිය හැක.

මීන

ශනි 10 ගමන් කරන්නේ 12 යන කේතුගේ නැකතේය. වෘත්තීමය වෙනස්කම් මාරුවීම් ආදිය පෙන්වයි. තමා කරන කියන වෘත්තියෙන් ඉල්ලා අස්වීම්ද සිදුවිය හැක. තම මිතුරන් නිසා වියදම් පෙන්වයි. වෘත්තීය මට්ටමෙන් යන විදේශ ගමන් විශේෂයෙන් ඇතිවෙයි. වියදම් මෙන්ම ආයෝජන යෙදීම් ද පෙන්වයි.

රහස් සතුරු කුමන්ත්‍රණ ඇතිවිය හැක. ගවේෂණ කටයුතු පර්යේෂණ කටයුතු ආදියේ යෙදෙන ශිෂ්‍යයන්ට හිතකර වෙයි. අප්‍රේල් 7 සිට අගෝස්තු 27 දක්වා නිදන්ගත ආබාධ ඉස්මතු විය හැක. රෝහල් ගත වීමටද සිදුවිය හැක. අගෝස්තු සිට ප්‍රමාද වෙමින් සහ ඇනහිට තිබූ විදේශ ගමන් සිදුවිය හැක.

අය පක්ෂයට වඩා වැය පක්ෂය වැඩියි. එමනිසා ණය ගැනීමටද සිදුවෙයි. අගෝස්තු අවසානයේ සිට ආදායම් තත්ත්වය දියුණුවක් පෙන්වයි. විදේශ මූලාශ්‍ර වලින් ආදායම් ලබන අයටද (අපනයනය ආනයනය විදේශගත රැකියා කරන අයට විදේශගත ඥාතීන්ගෙන් මුදල් ලබන යට) වාසිදායක තත්ත්වයක් ඇති වෙයි. උසස් අධ්‍යාපන ක ටයුතු සාර්ථක වෙයි.

තමා යෙදූ ආයෝජනයක් වෙතොත් ප්‍රතිලාභ ලබයි. වැඩිමල් සහෝදරයන්ගෙන් උදව් ලබයි.

රැකියා උසස්වීම් ලබයි. සමස්තයක් වශයෙන් ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්වයි. වේතනද වැඩිවෙයි.

ඉහත සඳහන් ලග්න ප්‍රතිඵල සෙසු ග්‍රහ ගෝචරවල සාපේක්ෂක පිහිටීම් අනුව වෙනස්විය හැක.

රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න