කොළඹ-හලාවත-එස්.එස්.සී ජය ලබයි | දිනමිණ

කොළඹ-හලාවත-එස්.එස්.සී ජය ලබයි

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ පසුගිය සතියට අදාළව පැවැති තරගවලින් ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ (සී.සී.සී), හලාවත හා එස්.එස්.සී ක්‍රීඩා සමාජ සමත්වූ අතර රාගම හා ද්‍රවිඩ සංගම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිල සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 63.730ක් සමගිනි. හලාවත පිල ලකුණු 62.250ක් සමගින් දෙවැනි තැනද, එස්.එස්.සී (55.255) තෙවැනි තැනද හිමිකරගෙන සිටී.

මේ වනවිට කොළඹ පිලේ රොන් චන්ද්‍රගුප්ත පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ තරග 8කදී ලකුණු 827ක් රැස්කරමිනි. නිපුන් කරුණානායක (බ්ලුම්ෆීල්ඩ්) ලකුණු 824ක් සමගින් දෙවැනි තැන පසුවෙයි.

පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට හලාවත ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාර සමත්ව සිටින්නේ කඩුලු 67ක් දවා ගනිමිනි.

කොළඹ කඩුලු 3කින් දිනයි

කොළඹ කණ්ඩායම එන්.සී.සී කණ්ඩායමට එරෙහිව පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිලට හැකි විය.

එන්.සී.සී පළමු ඉනිම - 200 (ඕවර 49) (ළහිරු ගමගේ 52/4) සහ දෙවැනි ඉනිම - 332 (ඕවර 85.4) ඇන්ජලෝ පෙරේරා 108 (උෂ්මාන් ඉෂාක් 47/3)

සී.සී.සී පළමු ඉනිම - 293 (ඕවර 78.2) රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59 (තරිඳු කෞෂාල් 71/4, ලෂිත් ඇඹුල්දෙණිය 110/4) සහ දෙවැනි ඉනිම - 240/7 (ඕවර 81.2) මාධව වර්ණපුර 54 (ලසිත් ඇඹුල්දෙණිය 85/5)

හලාවතට ඉනිමක ජයක්

කෝල්ට්ස් පිල සමග තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක හා ලකුණු 7ක ජයක් අත්විය.

අරෝෂ් ජනෝද්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 150කට සීමාකළ හලාවත ක්‍රීඩක‍යෝ පළමු ඉනිමට ලකුණු 196ක් රැස් ක‍ළහ. පන්දු යැවීමේදී අරෝෂ් ලකුණු 38කට කඩුලු 7ක් දවා ගත්තේය. මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවට කෝල්ට්ස් දෙවැනි ඉනිම සීමා කළ හලාවත ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 7කින් තරගයේ ජය හිමිකර ගත්හ. කෝල්ට්ස් පිලට දෙවැනි ඉනි‍මේදී ලබාගත හැකිවූයේ ලකුණු 39ක් පමණි. කෝල්ට්ස් දෙවැනි ඉනිම බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිතරවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 3කට කඩුලු 4ක් දවාගත් අතර මදූක ලියනපතිරණගේ ලකුණු 2කට කඩුලු 3ක් හා ඉසුරු උදාන ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්හ.

කෝල්ට්ස් පළමු ඉනිම - 150 (ඕවර 46.5) (අරෝෂ් ජනෝද් 38/7) සහ දෙවැනි ඉනිම - 39 (ඕවර 13.4) (මලින්ද පුෂ්පකුමාර 3/4, මදුක ලියනපතිරණගේ 2/3, ඉසුරු උදාන 9/3)

හලාවත පළමු ඉනිම - 196 (ඕවර 49.5) (අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3)

එස්.එස්.සී ට කඩුලු 10ක ජය

එස්.එස්.සී පිල කඩුලු 10ක ජයක් හිමිකර ගත්තේ කෝල්ට්ස් පිටියේදී යුද හමුදාව පරදවමිනි.‍ යුද හමුදාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 228 ට පිළිතුරු ලෙස එස්.එස්.සී පිල ලකුණු 323ක් රැස්කළ අතර ලකුණු 95ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු යුද හමුදාව ලකුණු 106කට දැවී ගියේ එස්.එස්.සී පිලට ලකුණු 12ක ඉලක්කයක් ලබාදෙමිනි.

යුද හමුදා පළමු ඉනිම - 228 (ඕවර 67.3) ඩිල්ෂාන් ද සොයිසා 74 (සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුසංක 29/3) සහ දෙවැනි ඉනිම - 106 (ඕවර 37.3) (විමුක්ති පෙරේරා 16/4, දසුන් ශානක 21/3)

එස්.එස්.සී පළමු ඉනිම - 323 (ඕවර 81.5) දසුන් ශානක 91, චරිත් අසලංක 50 (සීකුගේ ප්‍රසන්න 84/3) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 12 (ඕවර 1)

ද්‍රවිඩ සංගම්-රාගම

ද්‍රවිඩ සංගම් හා රාගම පිල අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර පළමු ඉනිමේ ජය රාගම පිල සතු විය.

තරගයේ පළමු පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිල ලකුණු 318ක් වාර්ත කළේය. එහිදී දිනෙත් තිමෝද්‍ය හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් පන්දු 216කදී ලකුණු 113ක් හා තරංග පරණවිතාන පන්දු 221කින් ලකුණු 109ක් වාර්තා කළහ.‍

ළහිරු මිලන්ත පන්දු ලකුණු 144ක් හා ජනිත් ලිය‍නගේ ලකුණු 130ක් වාර්තා කරමින් රාගම පළමු ඉනිම ලකුණු 506ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. මිලන්ත පන්දු 314කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් එල්ල කළ අතර ලියනගේ හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 296කට මුහුණ දුන්නේය.

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 318 (ඕවර 101.5) දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109 (අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3) සහ දෙවැනි ඉනිම - 146/6 (ඕවර 40) දිනෙත් තිමෝද්‍ය 51 (අක්ෂු ප්‍රනාන්දු 82/3)

රාගම පළමු ඉනිම - 506/7 (ඕවර 183) ඉනිම අත්හිටුවන ලදි. ළහිරු මිලන්ත 144, ජනිත් ලිය‍නගේ 130, රොෂේන් සිල්වා නොදැවී 86, සමීර ද සොයිසා 52 (චාමික කරුණාරත්න 120/4)

පළඟ ශූරතා වටය

පළඟ ශූරතා වටය යටතේ පැවැති තරග 3ම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට බී.ආර්.සී, මුවර්ස් හා සැරසන්ස් කණ්ඩායම් සමත් විය. මේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 48.310ක් ලබාසිටින සැරසන්ස් පිල සමත්ව ඇති අතර දෙවැනි ස්ථානය බී.ආර්.සී (41.420) පිලට හිමිව තිබේ.

මේ තරගවලදී යශෝද් ලංකා (ගාල්ල), රුමේෂ් බුද්ධික (බී.ආර්.සී), පැතුම් මදුසංක (බදුරලිය) හා ගමිඳු කනිෂ්ක (සැරසන්ස්) ශතක වාර්තාකළ අතර පන්දු යැවීමෙන් දිනුක හෙට්ටිආරච්චි (බී.ආර්.සී) හා මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඩ්) පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ.

ගාල්ල-බී.ආර්.සී

ගාල්ල පළමු ඉනිම - 407 (ඕවර 126.5) යශෝද් ලංකා 167, ඩිල්හාන් කුරේ 82 (දිනුක හෙට්ටිආරච්චි 158/7)

බී.ආර්.සී පළමු ඉනිම - 447/6 (ඕවර 123) රුමේෂ් බුද්ධික 116, ලිසුල ලක්ෂාන් 88, චානක විජේසිංහ නොදැවී 74, තිලකරත්න සම්පත් 56, භානුක රාජපක්ෂ 51

බ්ලූම්ෆීල්ඩ්-මුවර්ස්

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - 152 (ඕවර 49.3) (ප්‍රමෝද් මදුවන්ත 5/3) සහ දෙවැනි ඉනිම - 201/4 (ඕවර 47) ළහිරු ජයකොඩි 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 51

මුවර්ස් පළමු ඉනිම - 371 (ඕවර 89.4) පබසර වඩුගේ 72, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 70, ශානුක දුලාජ් 56, සචිත්‍ර පෙරේරා 52 (මලිත් ද සිල්වා 148/6)

සැරසන්ස්-බදුරලිය

බදුරලිය පළමු ඉනිම - 302 (ඕවර 91.4) පැතුම් මදුසංක 110 (කසුන් රජිත 78/3, සුරාජ් රන්දීව් 107/3)

සැරසන්ස් පළමු ඉනිම - 321/6 (ඕවර 87) ගමිඳු කනිෂ්ක 130, උමේෂ් කරුණාරත්න 64 (ඩිලේෂ් ගුණරත්න 48/3)

නව අදහස දක්වන්න