ජාතික ආරක්ෂාවට උතුෙර් කිසිම තර්ජනයක් නෑ | දිනමිණ

ජාතික ආරක්ෂාවට උතුෙර් කිසිම තර්ජනයක් නෑ

ගම්පහ අතිරේක

උතුරේදී පිරිසක් කඩු වලින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත් අඩංගූවට ගැනීමට පොලීසිය පියවර ගනිමින් සිටියදී ඇතැමුන් මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හුවා දැක්වීමට ක්‍රියා කළද එවැනි කිසිදු තත්ත්වයක් නොමැති බවත් උතුරේ වේවා , දකුණේ වේවා කිසිවෙකුටත් නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඊයේ ( 1 ) ගමිපහදී පැවැසීය. ගම්පහ දිස්ත්‍රික්කයෙහි තෝරාගත් පාසල් 150 ක් සදහා ගෘහ විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පුහුණුව සදහා ගෑස් සිලින්ඩර්, ලිප් ඇතුලු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපයන්හි පාසල් 98 ක් සදහා එම කට්ටල ප්‍රදානය කිරීම පිනිස ගම්පහ, මිරිස්වත්ත ,කැප්පෙටිපොල විදුහලේ පැවති උත්සවය අවසානයේ මාධ්‍යවේදින් විසින් පෙරේදා (31) යාපනය ප්‍රදේශයේදී පිරිසක් කඩු ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය කවරේද යනුවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති වරයා එසේ පැවසීය.

පාසල් වලට මෙලෙස ගෑස් සිලින්ඩර් ඇතුලු කට්ටල ලබාදීම පිනිස ලිටිරෝ ගෑස් සමාගම මගින් පුර්ණ අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.

එම උත්සවයේදී අදහස් දැක්වු රුවන් විජයවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.

ගෘහ විද්‍යා විෂයයට වැඩි අනුග්‍රහයක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ.විශේෂයෙන්ම දේශපාලනඥයින්. මේ නිසා ගම්පහ දිස්ත්‍රිකයේ ගෘහ විද්‍යාව උගන්වන පාසල් සදහා මෙලෙස ගෑස් ලිප් ලබාදීමට මම අදහස් කළා. මේ සදහා ලිට්රෝ ගෑස් සමාගම අපට පුර්ණ අනුග්‍රහය ලබා දෙනව.

ගෘහ විද්‍යා විෂය ප්‍රධාන වශයෙන් නොකළත් ඇත්තෙන්ම මේ විෂයයෙන් සිසුවියන්ට සමණක් නොවෙයි සිසුන්ටතු හොද අත්දැකීමක් ලබන්නට පුලුවන්. අද ලෝකය දෙස බැලුවහොත් සුපවේදීන් ලෙස කටයුතු කරන අය විශාල වශයෙන් ආදායමක් ලබනව. සමහර රටවල් වල ආහාර පිසීම කලාවක් වගේම විද්‍යාවක් බවට පත්ව තිබෙනව. මේ නිසා විෂය සමිබන්ධයෙන් වැඩි දෙනාගේ අවධානය යොමුවීම වැදගත් වෙනව.

ඒ වාගේම විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ගමිපහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය සදහා අවධානය යොමුකරමින් විවිධ සම්මන්ත්‍රණ ඇතුලු වැඩ සටහන් ගණනාවක්ම සිදුව තිබෙන අතරම පාසල් දරුවන්ගේ ඇස් පරීක්ෂාව සිදු කොට අවශ්‍ය අයට කණ්ණාඩි ලබාදීමේ වැඩපිළිවළක් මාගේ සභාපතිත්වයෙන් යුත් සොම්ස් ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබනව.

අපේ අනාගත පරපුර හැටියට මේ දරුවන්ට හැකි උපරිම අයුරින් කළ හැකි දේවල් කිරීමට පියවර ගෙන තිබෙනව. අපේ රජය අධ්‍යානය සදහා වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනව. පසුගිය කාලයට වඩා වැඩි ආයෝජනයක් අපි අධ්‍යාපනය සදහා යොදවනව. මිෙ යටතේ අවශ්‍ය සමිපත් , ගොඩනැඟිලි ඇතුලු අවශ්‍යතා සපුරාලීමට පියවර ගෙන ඇති බව කිව යුතුයි.

අපේ රටට රණවිරුවන් ලබා දුන් නිදහස මත දැන් රට සංවර්ධනය කරනව.මිෙ යටතේ භෞතික සම්පත් සංවර්ධනය සේම අධ්‍යාපනය සදහා අවධානය කරමින් අද කටයුතු කරමින් සිටින බවත් ගමිපහ දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනය කරමින් අධ්‍යාපනය තවත් ඉහළ මට්ටමට පත් කරලීමට ක්‍රියා කරන බවත් ප්‍රකාශ කර සිටිනව.Ó

උත්සවයෙන් පසුව මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්න වලට රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසිනි.

ප්‍රශ්නය :- උතුරේ පිරිසකට කඩු ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර :- මේ සම්බන්ධයන් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යනව. මීට සම්බන්ධ වුවන් අනිවාර්යයෙන්ම අද හෙට අත් අඩංගූවට ගන්නව. උතුරේත් ,දකුණේත් කාටවත් නීතිය අතට ගැනීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඇති වන සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබනව. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නැහැ. සමහර විපක්ෂයේ පිරිස් මෙවැනි දේවලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව තිජබනව, ජාතික ආරක්ෂාව බිද වැටිලයි කියල කිව්වත් මේ සිදු වීමි ජාතික ආක්ෂාවට බලපෑමක් නොවන බව කිව යුතුයි.

ප්‍රශ්නය :- මෙය ජාතිවාදී ප්‍රශ්නයක්ද ? නැතිනම් පුද්ගලික ප්‍රශ්නයක්ද ?

පිළිතුර :- මෙය ජාතීවාදී වැඩක් නොවෙයි, කල්ලියක් ඉන්නෙ. ආවා කල්ලිය වැනි අයගෙ ක්‍රියාවක් විය හැකියි. මොවුන් පුද්ගලයින්ට පහර දී මුදල් කොල්ල කෑම් වැනි දේවල් සිද කරනු ලබනව. මෙය ජාතිවාදයක්වත් ත්‍රස්තවාදයක්වත් නොවෙයි. පොලීසිය විසින්ම මීට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නව. මෙවැන සිදුවීම් ඇතැමුන් විසින් පිම්බීමට හදනව,ජාතික ආරක්ෂාවට තර්ජනයක්ය කියල. නමුත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය :- මේ තත්ත්වය මත දකුණේ ජනතාවට , උතුරට යාමේදී බියක් ඇති විය හැකියි නේද?

පිළිතුර :- නැහැ, නැහැ කිසිම ප්‍රශ්නක් නැහැ. පොලීසිය සහ හමුදාව මගින් අවශ්‍ය පියවර ගෙන තිබෙනව. සුළු සුළු ප්‍රශ්න ඇති වෙන්නට පුලුවන්. මෙවන් සිදුවීම් උතුරේ පමණක් නොවයි, දකුණේත් සිදු වෙනව. දකුණේත් කඩු වලින් ප්‍රහාර ඇති වෙනව. උතුරේ වුනු දෙයක් නිකම් බොරුවට පුම්බන්නට අවශ්‍ය නැහැ

ප්‍රශ්නය :- උතුරේ සිදුවීම් වලදි නීතිය දියාරු වු තත්ත්වයක් පවතින බව ඇතැමුන් කියනව.

පිළිතුර :- එහෙම දෙයක් නැහැ. අද ස්වාධීන අධිකරණයක් තිබෙන්නෙ, එම අධිකරණ තීන්දු වලට අද කාටත් හරස් වෙන්නට බැහැ. පරීක්ෂන ආදිය නිසියාකාරයෙන් සිදු වෙනව.

සමහර විපක්ෂයේ ඇතැමුන් මෙන්ම හිටපු ජනාධිපති වරයාත් බුද්ධි අංශ වැටිලය , ආරක්ෂාව වැටිලය කියනව. බුද්ධිඅංශ වැටිල නම් සිද්ධීන්ට අවශ්‍ය පුද්ගලයින් ආරක්ෂක අංශ මගින් සොයා ගන්නෙ කොහොමද? බුද්ධි අංශ අවශ්‍ය කටයුත කරමින් සිටිනව. විපක්ෂයේ ඇතැමුන් කැමති ඇති ආපහු මේ රටේ යුද්ධයක් ඇති වෙනව නම්.ඒ මගින් බලයට එන්න බලාගෙන ඇති. මේ නිසා වෙන්න ඇති ජාතිවාදය අවුස්සමින් , ආරක්ෂාව සම්බන්ධයෙන් අවුස්සමින් කටයුතු කරන්නෙ.

පාසලෙහි පැවති උත්සව අවස්ථාවට ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්ලිව්.මල්ලිකා, කැප්පෙටිපොළ විදුහල්පති ඊ.ඒ.ඩී.ලාල්, ආරකෂක රාජ්‍ය අමාත්‍ය පුද්ගලික ලේකම් අනුෂී ජර්ධන, ලිට්රෝ ගෑස් සමාගමේ වෙළෙද අධ්‍යක්ෂ චමින්ද එදිරවික්‍රම යන මහත්ම, මහත්මීන් ඇතුලු පිරිසක් සහ පාසල් ආචාර්ය වරුන් සහ සිසු දරුවන් පිරිසක්ද එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න