යතුරුපැදි-ලොරි අනතුරෙන් පොලිස් සැරයන් මරුට | දිනමිණ

යතුරුපැදි-ලොරි අනතුරෙන් පොලිස් සැරයන් මරුට

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

සැකකාර රියැදුරුට දඩ සහ සිර දඬුවම්

මීගමුව පොලිසියේ සැරයන් වරයෙක් යතුරු පැදියක ගමන්කරමින් සිටියදී ලොරි රථයක හැපී මිය ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් ලොරි රථයේ රියැදුරුට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් 28500ක දඩයක් ද හයමසක අනිවාර්ය සිරදඬුවමක්ද පසුගියදා නියම කරනු ලැබීය.

රුපියල් ලක්ෂ 5ක සානුකම්පිත දීමනාවක්ද චුදිත විසින් මියගිය අයගේ බිරියට ගෙවීමට එකඟවිය මෙලෙස දඬුවම් නියම වූයේ සරත් වික්‍රම නමැති පුද්ගලයෙකුටය.

අනතුරින් මිය යන ලද්දේ මීගමුව පොලිසියේ රාජකාරි කළ ඩබ්ලිව්. ගුණතිලක නැමැති සැරයන් වරයෙකු වන අතර ඔහු දෙදරු පියෙකි.

2016.03.08 දින දහවල් රාජකාරි සඳහා මීගමුව පොලිසිය වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

ලොරි රථයක් හප්පවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම අපරීක්ෂාකාරී රිය ධාවනය සහ රියඅනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා සැක කරුට එරෙහිව ජා ඇළ පොලිසිය ගොනු කර තිබුණි.

ජාඇළ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියදර්ශන, පෙරේරා යන අය පැමිණිල්ල මෙහෙය වීය. 

 

නව අදහස දක්වන්න