සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිතියට වාරණය 16 දක්වා | දිනමිණ

සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිතියට වාරණය 16 දක්වා

රෝෂන් තුෂාර

සේවයේ නියුතු ටෙලිකොම් සේවකයින් බිය ගන්වමින් උද්ඝෝෂණයේ නිරතවීම වළක්වමින් සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිතියට නිකුත් කළ වාරණය ලබන 16 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (02) නියෝග කෙළේය.

වාරණ නියෝගය ඉවත් කරන ලෙසට විත්තිකාර වෘත්තීය සමිතිය කරුණු ඉදිරිපත් කළ ද එම කරුණු ප්‍රමාණවත් නොවන බැවින් වාරණය යළි දීර්ඝ කිරීමට දිසා විනිසුරුවරයා තීරණය කළේය. තම වෘත්තීය සමිතිය ටෙලිකොම් සමාගමේ දේපළවලට හානිවන අයුරින් උද්ඝෝෂණය දියත් නොකළ බව සඳහන් කළ විත්තිකාර වෘත්තීය සමිතිය ජනවාරි 02 දින ආරම්භ කළ වෘත්තීය ක්‍රියාදාමය 11 දින අවසන් කළ බව ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ටෙලිකොම් සමාගම පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නිකුත් කර තිබිණි.

 

නව අදහස දක්වන්න