පොල් මිල ඉහළට | දිනමිණ

පොල් මිල ඉහළට

සහන මිලට පොල් ලබාදීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනතාව පෙන්වා දෙති

හොරණ , ඉංගිරිය ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව මේ දිනවල පොල් මිල ඉතා ඉහළ මට්ටමක පවතී.මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.මේ සති අන්තය වන විට පොල් ගෙඩියක මිල රුපියල් හැට පහ, හැත්තෑව දක්වා ඉහළ යමින් පවතින අයුරු දැකියාව ලැබේ .

ජනතාව සඳහා පහසු මිලට භාණ්ඩ මිලදී ගැනීමට හදුන්වා දුන් සුපිරි වෙළ‍ෙඳ සල් වල පවා පොල් ගෙඩියක මිල සටහන්ව පැවතියේ රුපියල් හැට දෙකක් ලෙසිනි.ඉදිරි දිනවලදී පොල් මිල තවත් ඉහළ යා හැකි බවට සැක පල කරන ජනතාව පවසන්නේ මේ සඳහා රජය මැදිහත් වී පෙර වකවානුවල මෙලෙස පොල් මිල ඉහළ ගිය විට සිදු කරන ලද ආකාරයට සිවිල් ආරක්ෂක බලකා සහ සතොස ජංගම රථ මඟින් නගර ආශ්‍රිතව සහනදායි මිල ගණන් යටතේ ජනතාවට පොල් ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙළක් තාවකාලිකව හෝ ආරම්භ කරන ලෙසයි.

හොරණ නගරයේ සුපිරි වෙළ‍ෙඳ සලක පොල් ගෙඩියක මිල රුපියල් හැට දෙකක් ලෙසින් සටහන් කර ඇති අයුරු.‍

ඉංගිරිය විශේෂ කේ.ටී.ඩී දර්ශන
ඡායාරූපය-ඉංගිරිය විශේෂ 

නව අදහස දක්වන්න