69 වැනි ජාතික නිදහස් දින උළෙලේ දී | දිනමිණ

69 වැනි ජාතික නිදහස් දින උළෙලේ දී

ජාතීන් අතර සමඟිය, සංහිඳියාව සහ සහෝදරත්වය ඇති කරලීම මුල්කොට ගත්තාවූ ද ආර්ථික නිදහස ළඟාකර ගැනීමේ වටිනාකම පැහැදිලි කළා වූද 69වැනි ජාතික නිදහස් දින අභිමානවත් සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රධාන දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් රැසක් එක්ව සිටි එම සැමරුම් උළෙලේ දී යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකාවල සාමාජිකයන් තම සුරු විරුකම් ජාතිය හමුවේ තැබූ සිරි විසිතුරු සහිත නිදහසේ කාහල නාදයේ ගම්භීර, පෞඪත්වයේ සාක්ෂි පෙළයි මේ.


නව අදහස දක්වන්න

Or log in with...