චෝදනා ලැබූ සමාගමක ඖෂධ ආනයන ටෙන්ඩරය අවලංගු කරයි | දිනමිණ

චෝදනා ලැබූ සමාගමක ඖෂධ ආනයන ටෙන්ඩරය අවලංගු කරයි

සන්ධ්‍යා කරුණාරත්න

 

පිළිකා රෝගීන්ට ලබාදෙන නිමොටුසුමැබ් මිලිග්රෑම් 50 එන්නත් ඖෂධය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ටෙන්ඩරයක් තමන් විසින් අවලංගු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එම ටෙන්ඩරය අවලංගු කරන ලෙස ඇමැතිවරයා සෞඛ්‍ය ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ. එම ඖෂධය ආනයනය කිරීමට නියමිතව තිබූ සමාගම පිළිබඳ පැමිණිලි රැසක් ලැබීම හා පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වීම ඊට හේතුව බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මෙම සමාගම මීට ප්‍රථම වෙනත් සමාගමක නාමයෙන් පිළිකා ඖෂධ ආනයනය කර විවිධ විෂමාචාරයන් සිදු කර ඇති බවට වාර්තා වී ඇත. එම විෂමාචාර සිදුවීම් සිදුකර ඇතැයි පැවසෙන සමාගම ලිපිනය වෙනස් කරමින් නව සමාගම ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. එම නිසා පොලිස් පරීක්ෂණ සහ ලැබී ඇති අනෙකුත් පැමිණිලිවල විමර්ශන අවසන් වන තෙක් එම ටෙන්ඩරය අවලංගු කළ බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.

නව අදහස දක්වන්න