බේදයකින් තොරව ජාතික වෙසක් උත්වසයට දායකත්වය දිය යුතුයි - කබීර් හෂිම් | දිනමිණ

බේදයකින් තොරව ජාතික වෙසක් උත්වසයට දායකත්වය දිය යුතුයි - කබීර් හෂිම්

ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර කොළඹ දී පැවත්වෙන බවත්,ඉකුත් වසරේ සිට කරන ලද ඉල්ලීමක් අනුව මෙරව ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයට ගෙන ඒමට හැකි වූ බවත් ප්‍රකාශ කළ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා, මෙම උත්සවය සාර්ථක කර ගැනීමට ජාති ආගම් බේදයකින් තොරව කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ජනතාව සිය දායකත්වය ලබා දිය යුතු බවත් සදහන් කළේය.

ජාතික වෙසක් උත්සවයේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා එහි සංවිධායක කටයුතුවලට සම්බන්ධ ආයතනවල රාජ්‍ය නිලධාරීන් සමඟ පෙබරවාරි 06 වන දින ජාතික වෙසක් උත්සවය පැවත්වෙනශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේපැවති සාකච්ඡාවට එක් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.මෙවර ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් වට්ටරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිවන ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරීන් සහ සෙබළුන් හමු වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඔවුන් ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළේය.මෙහිදී ඉදිකිරීම් සඳහා යන මිලියන 25 ක් පමණ වන මුදලෙන් තවත් අවශ්‍ය වී ඇති මුදල් ප්‍රමාණය විදුලිබල හා පුනර්ජනණීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ තමා මැදිහත් වී ඉදිරි සති දෙකක පමණ කාලය තුළ රජයෙන් ලබාදීමට අවශ්‍යය කටයුතු සූදානම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වට්ටාරම පුරාණ විහාරයේ භාරකාර හිමියන් වන වෑවල සමිත හිමියන්ට පෙන්වා දුන්නේය.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද පූර්ණ ආශිර්වාදය හිමිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,සංවිධාන කටයුතු සඳහා අවශ්‍යය මූල්‍ය ප්‍රතිපාදන සඳහා ජනාධිපති අරමුදලෙන්ද ලබා දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුනනේය.

වට්ටරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් උත්සවය පැවත්වුව ද,මෙම අවස්ථාව නිමිති කර ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම බෞද්ධ කටයුතුවල ප්‍රගතියක් ඇති කිරීම වෙනුවෙන් විවිධ වැඩ සටහන් සංවිධානය වන බව පෙන්වා දුන් අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා,මෙය නිමිති කරගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ගණනාවක විවිධ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව පෙන්වා දුන්නේය.

කුල දරුවන් 100 දෙනෙකු මෙම පුන‍්‍ය උත්සවය නිමිති කර ගනිමින් දිස්ත්‍රික්කය පුරා ඇති විහාරස්ථානවලදී පැවිදිභාවයට පත් කිරීමේ වැඩ පිළිවෙළක් මෙන්ම දරුවන් වෙනුවෙන් විවිධ වැඩ සටහන් සහ තරඟ ආදිය ද පැවත්වීමට කටයුතු යොදා තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

බුද්ධ ශාසන අමාත්‍යංශ්‍ය,මහාමාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය,විදුලිබල මණ්ඩලය,ජලසම්පාදන මණ්ඩලය,ශ්‍රී ලංකා යුධ හමුදාව මෙන්ම ප්‍රදේශයේ සියළුම රාජ්‍ය ආයතන සහ නිලධාරීන් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දක්වන සහයෝගය ඉතා ඉහළින් අගය කළ අමාත්‍යවරයා,මෙම ජාතික උත්සවය පදනම් කර ගනිමින් සෘජුව ඒ වෙනුවෙන් මෙන්ම ප්‍රදේශයේ ද විශාල සංවර්ධන කටයුත්තක් සිඳුවෙමින් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා යළිත් පෙන්වා දුන්නේ ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු දෙනා වෙත හිමි වූ විශාල ජයග්‍රහණයක් බවය.

මෙම සාකච්ඡාව ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්ගේද සහභාගීත්වය ඇතිව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේද,විදුලිබල සහ පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේද ප්‍රධානත්වයෙන් සහ වට්ටරාම පුරාණ විහාර භාරකරු වැවල සමිත හිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සඝරුවනේ අනුශාසකත්වය  ඇතිව පවත්වන්නට යෙදිණ. 

නව අදහස දක්වන්න