නිරන්තර බඹර ප්‍රහාරයන්ට එරෙහිව කොටගල වතුකම්කරුවෝ උද්ඝෝෂණයක | දිනමිණ

නිරන්තර බඹර ප්‍රහාරයන්ට එරෙහිව කොටගල වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

 නිරන්තර බඹර ප්‍රහාරයන්ට ලක්වීමෙන් වතු කම්කරුවන්ට සිදුවන පීඩාව සම්බන්ධව වතු පාලනාධිකාරිය පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොගත්තේ යැයි, පවසමින් ඊට විරෝධය දක්වමින් කොටගල “ස්ටෝනික්ලිප්” තේ වතුයායේ කම්කරුවන් පිරිසක් එම වත්තේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

ස්ටෝනික්ලිප් තේ වතුයායේ කම්කරුවෙක් මීට පෙර සේවයේ යෙදී සිටියදී බඹර ප්‍රහාරයන්ට ලක්වී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවත්, නිරන්තර බඹරු දෂ්ඨ කිරීම නිසා කම්කරුවන් රෝහල්ගතවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බවත් පවසන උද්ඝෝෂකයෝ වතු පාලනාධිකාරිය මගින් මෙයට කඩිනමින් පැහැදිලි විසඳුමක් ලබාදියයුතු බවත් කියා සිටිති.

ඡායාරූපයමස්කෙළිය සමූහ

නව අදහස දක්වන්න