වෛද්‍ය වැඩවැරුමෙන් රෝගීහු අමාරුවේ | දිනමිණ

වෛද්‍ය වැඩවැරුමෙන් රෝගීහු අමාරුවේ

සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (03) උදෑසන 8 සිට දහවල් 12 දක්වා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වූ බව රෝගීහු පවසති.

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට සහ සායනවලට පැමිණි රෝගීන් නැවත හැරී ගිය බවත් ඇතැම් රෝගීන් අපහසුකම් මධ්‍යයේ වුවත් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ බවත් රෝගීහු ප්‍රකාශ කරති.

රෝගීන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා ලබාදුන් බවත් රෝගීන්ට සිදු වන අපහසුතා අවම කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

වෛද්‍ය සිසුන් ක්‍රියාත්මක කළ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම සහ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව ඒ මහතා පැවැසුවේය.

ඉදිරි සතියක් ඇතුළතදි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය පියවර අමාත්‍යාංශය මට්ටමින් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 

නව අදහස දක්වන්න