වෙඩි ප්‍රහාර ජල ප්‍රහාර බවට පත්වෙලා | දිනමිණ

වෙඩි ප්‍රහාර ජල ප්‍රහාර බවට පත්වෙලා

විරෝධතා වලට එල්ල වූ වෙඩි ප්‍රහාර මේ වන විට ජල ප්‍රහාර බවට පරිවර්තනය කරන්නට හැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අද විරෝධතා කරන්නට නිදහස ලබා දී තිබෙනවා සේම විරෝධතා  දිනෙන් දින ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවද ඔහු පවසයි. රට තුළ ඇති වී තිබෙන නිදහස කොතරම්දැයි එමගින් පැහැදිලි වන බවත් මේ බව අවබෝධ කර ගැනීම සියළු දෙනාගේ වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ කල්පිටියේ තරුණ සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ (06) සුහද හමුවකට එක් වෙමිනි.  69 වන නිදහස් දින සැමරැම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණි. මෙම අයෟෂාවවට සමගාමීව විදුලි ව්‍යාපෘතියක් හා  රැපියල් දෙකෝටියක වියදමින් ඉදිකළ මාර්ග පද්ධති කිහිපයක් ජනතා අයිතියට පැව්‍රීමද සිදු වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

දැන් බෙදිල කටයුතු කරන්න ඕනෑ කාලයක් නෙමෙයි. දැන් එක්ව කටයුතු කළ යුතු කාලයක්. නිදහස ලැබී ගෙවුණු වසර 69 දී අපි එකට වෙලා ආණ්ඩු කරල තියෙන්නේ වසර 5 ක් වැනි සුළු කාලයක් පමණයි. ඒ නිසා දැන් නැවතත් එම අවශ්‍යතාව ඉටු කරන්න වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා මූලික ආරම්භය ලබා දීල තියෙනවා.

ඩී එස් සේනානායක මැතිතුමා ඇතුළු නායකයින් රටට දිනා දුන් සැබෑ නිදහස නැවතත් ලබා දීමට සමත් වුණේ වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයායි.

ඕනැ කෙනෙක්ට රටයට විරැද්ධව විරෝධතාවල නිරත වෙන්න අද පුළුවන්. අපි බලපෑම් කරන්නේ නෑ. මාර්ග අවහිර වීම ඇතුළු යම් යම් කාරණා මත ජල ප්‍රහාරයක් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙනවා. නමුත් රතුපස්වලට, කටුනායකට, හලාවතට එල්ල වුණා වගේ වෙඩි ප්‍රහාර එල්ල වෙන්නේ නෑ. මේ ක තමයි වෙනස. වෙනස සතුටුද අහන අයට අපි උත්තර දෙමු. ඔව් වෙනස සතුටුයි.  ධීවරයෝ මරපු. විරෝධතාවයේ නිරත රතුපස්වලට වෙඩි තියපු, විශ්‍රාම වැටුප රැක ගන්න පාරට බැහැපු කටුනායක තරැණයින්ට වෙඩි තියපු ආණ්ඩුවක හිටපු හැම කෙනෙක්ම මේ වෙනසට ඊරිසියා කරනවා. කොතරම් ඊරිසායා කරනවාද කියනවානම් රට ගොඩ නගන රජයේ වැඩපිළිවෙල කඩා කප්පල් කරන්නයි මේ අය හදන්නේ. මෙහෙම හැසිරෙනි කිසිවෙකුට රටේ වෙනස තේරෙන්නේ නෑ.

නව අදහස දක්වන්න