සයිටම් ආයතනයට පක්ෂ විපක්ෂ මත රැසක් | දිනමිණ

සයිටම් ආයතනයට පක්ෂ විපක්ෂ මත රැසක්

සයිටම් ආයතනයට විරුද්ධව සියලු ක‍්‍රියාමාර්ග කරා යොමු වන බව පසුගියදා පැවති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි මධ්‍යමකාරක සභාවේදි ඒකමතිකව තීරණය කළ බව එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
 
ඒ, අද (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
 
ඒ වෙනුවෙන් මේ වන විට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර, සරසවි ආචාර්යවරුන් හා අනෙකුත් වෘත්තිය සමිති සමඟ ජාතික තලයේදි මෙන්ම ප‍්‍රාදේශියවද සාකච්ඡා සිදු කරන බවද අලුත්ගේ මහතා කියා සිටියේ ය. 
 
තවද පසුගිය සිකුරාදා දින හිටපු ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සමඟද, ඊයේ දිනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ද මුණ ගැසුණු බවත් අද දින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කළ බවද ඔහු කියා සිටියේ ය. 
 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනයට එරෙහි වන්නේ තරගකාරිත්වයට ඇති බිය නිසා බව එම සංගමයේම සාමාජිකයෙකු වන මහාචාර්ය වෛද්‍ය නෙවිල් පෙරේරා පවසයි.
 
ඒ, සයිටම් ආයතනය කොළඹ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

 

නව අදහස දක්වන්න