ගලගෙදර-අරඹේකඩේ නගරයේ පොදු පහසුකම් නෑ | දිනමිණ

ගලගෙදර-අරඹේකඩේ නගරයේ පොදු පහසුකම් නෑ

* අපිරිසුදු කානු පද්ධති
* කුණු කසළ බැහැර කිරීමක් නෑමහනුවර දිසා සමූහ

ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැරණිම නගරය ලෙස සැලකෙන අරඹේකඩේ නගරයේ පොදු පහසුකම් කිසිවක් නැතිවිම ගැන නගර වාසින් මෙන්ම නගරයට දිනපතා එන යන ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.

මීට සියවසකට පෙර පටන් මෙම නගරය කුරුණෑගල දෙසින් පැමිණි ගැල්කරුවන්ගේ වෙහෙස නිවා ගැනීමට මෙන්ම දෙහිදෙණිය, බොක්කාවල, වලතැන්න, ගිරිහාගම, මැදවල යන ප්‍රදේශවල ගොවි ජනතාව සිය නිෂ්පාදන අලවිකර ගැනීමේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ද පැවති බවට තොරතුරු තිබේ.

නමුත් සියවස ඉක්මවා ති‍බෙන මේ නගරය අදවන විට කිසිදු පහසුකමක් නැතිව දැඩි පරිහානියකට පත්ව තිබෙන ආකාරයක් දැකිය හැකිය. වසර කීපයකට පෙර ඉදිකළ බස් නැවැතුම්පොළ අදවන විට හුදකලා තත්ත්වයට පත්ව ඇත.

නගරයේ කානු පද්ධති අපිරිසිදුව පවතින අතර කුණු කසළ බැහර කිරීම, නගරය සුද්ධ පවිත්‍ර කිරීම ද සිදු නොවන බව ජනතාව පවසති.

ඉපැරණි මේ නගරය සංවර්ධනය කළේ නම් ප්‍රාදේශීය සභාවට විශාල ආදායමක් ලබා ගත හැකි බවද මෙය ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ වගකීමක් බව ද ජනතාව පවසති.

මහනුවර දිසා සමූහ
කේ. චන්ද්‍රරත්න

 

 

නව අදහස දක්වන්න