හොර මූල්‍ය සමාගම්වලට මහ බැංකුවෙන් වැට | දිනමිණ

හොර මූල්‍ය සමාගම්වලට මහ බැංකුවෙන් වැට

ජයසිරි මුණසිංහ

 ජනතාවගේ තැන්පතු මුදල් එක්රැස් කරමින් හොර රහසේ මූල්‍ය කටයුතු කරන ආයතනවලට වැට බැඳීම් ඒවාට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වේ.

1979 අංක 27 දරන මුදල් සමාගම් පාලන පනත වෙනුවට 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත ප්‍රතිෂ්ඨාපනය කිරීමත් සමඟ මුදල් ව්‍යාපාර නියාමනය හා අධීක්ෂණය කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුව වසර 1988 දී පිහිටුවන ලදී.

එම මුදල් සමාගම් පනතද අහෝසි කරමින් 2011 ‍ෙනාවැම්බර් 9 දින සිට බලපැවැත්වෙන පරිදි 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත මඟින් වර්තමානයේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කරනු ලබයි.

වසර 2000 අංක 52 කල්බදු මූල්‍යකරණ පනත බලාත්මක වීම සමඟ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර අධීක්ෂණය හා නියාමනය මෙම දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබයි. මෙසේ නියාමනය සහ අධීක්ෂණ කරනු ලබන පනත්වල පවා පවතින අඩුලුහුඩුකම් ඉවත් කිරීමේ අදහසින් ශ්‍රී ලංකා මහ බැංකු පනතට සංශෝධන ගෙන එමින් නව නීති දැඩි කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. පසුගිය වසර තුළ බැංකු නොවන මූල්‍යායතන දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍රලාභී මුදල් සමාගම් විශේෂිත කල්බදු මූල්‍ය සමාගම 30කට ආසන්න ප්‍රමාණයක් අධීක්ෂණය කර ඇත. එවැනි අඛණ්ඩව සුපරීක්ෂණ කිරීම් හමුවේ පවා මහජනතාව රවටා තැන්පතු ව්‍යාපාර පවත්වාගෙන යාම සිදුවී තිබේ. මේ පිළිබඳව ජනතාවගේ දුක්ගැනවිලි පිළිබඳව විමර්ශනය කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා එවන් මූල්‍ය ආයතන මැඬලීමට වැඩි බලතල ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමේ අරමුණින් 2017 අය වැය සඳහා නාමයෝජනා එක්කළ බවද අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළහ.

නව අදහස දක්වන්න