HNB සහ Pick Me සහයෝගීතාවෙන් මගීන්ට නව ප්‍රතිලාභ | දිනමිණ

HNB සහ Pick Me සහයෝගීතාවෙන් මගීන්ට නව ප්‍රතිලාභ

 ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ පුරෝගාමී වානිජ බැංකුව වන HNB සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය ජංගම දුරකථන යෙදවුම වන Pick Me සහයෝගීතාවෙන් නව ප්‍රතිලාභයක් පාරිභෝගිකයන්ට ලබා දී ඇත. මේ සහයෝගීතාව හේතුවෙන් Pick Me සිය ක්‍රෙඩිට් කාඩ් පත් සහ ඩෙබිට් කාඩ් පත් ගනුදෙනු සඳහා නිල බැංකුව වශයෙන් HNB තෝරා ගත් බැවින් Pick Me භාවිත කරන පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කරමින් ජංගම දුරකථන යෙදවුමක් මඟින් ගනුදෙනු පියවීමේ හැකියාව හිමිවනු ඇත. ශ්‍රී ලංකාවේ වීසා සහ මාස්ටර් වෙළෙඳපොළේ 44ක වෙළෙඳපොළ කොටසක් අත්පත් කර ගැනීමට HNB සමත්ව සිටින අතර, ජංගම දුරකථන යෙදවුමක් හරහා ගනුදෙනු කිරීමට පහසුකම් සැපයූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව බවට ද මේ අනුව HNB පත් වනු ඇත.

මේ පහසුකම බලාත්මක කර ගැනීම සඳහා ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් මීට අදාළ ජංගම දුරකථන යෙදවුම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ භාගත කර (download) ගත යුතුවන අතර, සේවාවන් සඳහා ලියාපදිංචිය මීට පිවිසෙන අවස්ථාවේදීම සිදුකර ගත හැක. ඉන් අනතුරුව තමන්ගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පත් තොරතුරු යෙදවුමට ඇතුළත් කළ යුතු අතර, ඇතුළත් කරන සියලු තොරතුරු ඉතා සුරැකිව ගබඩා කෙරේ. ප්‍රවාහන සේවාව ලබා ගැනීමෙන් අනතුරුව ඒ සඳහා තම ක්‍රෙඩ්ට් හෝ ඩෙබිට් කාඩ් පත භාවිත කරන විට ස්වයංක්‍රීයව තම ගිණුමෙන් මුදල් හර වීම සිදුවේ.

 

නව අදහස දක්වන්න