මහනුවර වෙළෙන්ඳන් 5කට නඩු | දිනමිණ

මහනුවර වෙළෙන්ඳන් 5කට නඩු

අසේල කුරුළුවංශ

 

රජයේ පාලන මිලට වඩා සහල් අලෙවි කළ මහනුවර නගරයේ වෙළෙඳුන් පස් දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මහනුවර පාරිභෝගික සේවා අධිකාරීයේ නිලධාරීන් පියවර ගෙන ඇත.

නවම් පුන් පොහෝ දින මහනුවර නගරයේ දියත් කළ හදිසි වැටලීමකදී මෙම වෙළෙඳ සැල්වල සම්බා, කීරී සම්බා, කැකුළු හා නාඩු සහල් රජයේ පාලන මිලට වැඩියෙන් අලෙවි කරමින් තිබූ බවත් එක් වෙළෙඳ සලක මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොග තිබූ බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එම වෙළෙඳසල තුළ තිබූ සහල් මිටි 78 ක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන තිබෙන අතර මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බව එම ඒකකය පවසයි. පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී ඒ.එම්.ජේ සමන්ත, ඒ.එම් ආරියවංශ, එස්.නාවින්න, පී.ප්‍රියලාල් යන නිලධරීහු මෙම වැටලීම් සිදුකළහ.

නව අදහස දක්වන්න