‘සෙත්සුව ප්‍රාණජීව’ඖෂධ 200කට වැඩි එකතුවක් | දිනමිණ

‘සෙත්සුව ප්‍රාණජීව’ඖෂධ 200කට වැඩි එකතුවක්

 

පුරාණ ශ්‍රී ලාංකික සමාජයේ විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් පැවැති බව මුළු ලෝකයාම පිළිගන්නා සත්‍යයකි. ‘දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය’ ලෙස හඳුනා ගන්නා එම වෛද්‍ය ක්‍රමය තුළ රෝග සමනය සඳහාත්, නිරෝගීකම රැක ගැනීම සඳහාත් භාවිත කළ විශිෂ්ට ඖෂධ යෝග අතිශයින් ප්‍රබලය. ප්‍රතිඵලදායකය.

වසර දහස් ගණනක් ඉපැරැණි මහනුවර යුගයේ සඟ පරම්පරා‍වකින් පැවැත එන ඖෂධ වට්ටෝරුවකට අනුව සකසන ‘සෙත්සුව ප්‍රාණජීව’ ඖෂධය පිළිබඳ මේ ලිපිය සැකසෙන්නේ මේ ඖෂධයේ වර්තමාන භාරකරු කොළඹ සරසවියේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරි වෛද්‍ය සුජීව විතානගේ මහතා හා පිළිසඳරක යෙදීමෙන් ලබාගත් කරුණු සම්භාරයක් හා pranajeewa.com වෙබ් අඩවියෙන් ගත් අමතර තොරතුරු කැටිකර ගනිමිනි.

ශතක දෙකක් තිස්සේ ජනාදරයට ලක්වූ ඉපැරණි ඖෂධ වට්ටෝරුව

ආයුර්වේදයේත්, දේශීය වෙදකම තුළත් විශිෂ්ට සමන, නිවාරණ ගුණ අත්කර දෙන ඖෂධ රාශියක් ඇති මුත් ‘සෙත්සුව ප්‍රාණජීව’ නම් වූ මේ ඖෂධය මේ අතරින් සුවිශේෂී වන්නේ, දනන් කතාබහට විෂය වන ඔසුවක් වන්නේ කෙසේද යන කුහුල ඔබටත් තිබෙන්නට පුළුවන්.‍

සෙත්සුව ප්‍රාණජීව නිෂ්පාදනය කරන්නේ සියවස් දෙකකටත් වඩා පැරැණි දේශීය ‍ඖෂධ වට්ටෝරුවකිනි. මේ ඖෂධ වට්ටෝරුව ප්‍රයෝජ්‍ය කරගෙන අපවත් වී වදාළ වග ඥාණාලෝක නායක හිමිපාණන් වහන්සේ විසින් විශාල රෝගීන් සංඛ්‍යාවක් සුවපත් කර මෙහි නව්‍ය යුගය ආරම්භ කර තිබේ. සුජීව විතානගේ වෛද්‍යවරයා අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇසුරේ මේ ‘සෙත්සුව ප්‍රාණජීව’ ඖෂධය යොදාගෙන රෝගීන් සුවපත් කළේ අප ගෞරවනීය ගුරු හිමියන් වයෝවෘද්ධව සිටි අවස්ථාවේදීය. හෙතෙම තම වෛද්‍ය උපාධිය ලැබීමෙන් පසු වග ඥාණාලෝක හිමි සෙවණේ තම සායනික පරිචය ඔප්නංවා ගැනීම අපේ මේ සියලුම ජනතාවගේ වාසනාවකි.

රෝග විශාල සංඛ්‍යාවක් සුවපත් කරන මහඟු ඖෂධය ‘සෙත්සුව ප්‍රාණජීව’ නිෂ්පාදනය කරන්නට ඖෂධ වර්ග දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ප්‍රයෝජනයට ගනී. එය නිදන්ගත රෝග විශාල සංඛ්‍යාවකට සුවය සලසයි. මේ බෙහෙතේ ඇති අරුමයද මෙයමයි. දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය, ඉන් ඇතිවන අතුරු ආබාධ වැළැක්වීම, අධිරුධිර පීඩනය නිසා ඇතිවන රෝග තත්ත්ව පාලනය, ස්නායු රෝග, අංශභාග රෝග, ඇදුම, පීනස, සමේ රෝග, හන්දිපත්රුදාව, අර්ශස්, භගන්දර, අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය පාලනය, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා රෝග, හෘද රෝග යන සෞඛ්‍ය ගැටලු බොහෝමයක් සඳහා සාර්ථක විසඳුමක් දීමට හැකි ශක්‍යතාවයක් සහිත දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රබල ඖෂධයක් ලෙස ‘සෙත්සුව ප්‍රාණජීව’ විවිධ පර්යේෂණ මගින්ද තහවුරු කර තිබේ.

බටහිර පර්යේෂණ ඔස්සේ සනාථ වූ ඔසු ගුණය දේශීය වශයෙන් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් ‘සෙත්සුව ප්‍රාණජීව’ ඖෂධයේ රසායනික සංයුතිය (Chemical Composition) හා ක්ෂුද්‍ර ජීවි සංයුතියන් පිළිබඳත් පොදුවේ සමස්ත ඖෂධය සම්බන්ධයෙනුත් විශ්ලේෂණාත්මක අධ්‍යයන සිදුකර තිබේ. එම පරීක්ෂණ තුළින් ශරීරයට අහිතකර යැයි දැනට නවීන විද්‍යාව මගින් හඳුනාගෙන ඇති මර්කරි, කැඩ්මියම්, කොපර්, ආසනික් වැනි විෂ රසායනික ද්‍රව්‍ය, බැරලෝහ කිසිවක් මේ ඖෂධයේ අඩංගු නොවන බව සනාථ කර තිබේ. තවද සිරුරට අහිතකර බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවි විශේෂ කිසිවක් මෙහි අන්තර්ගත නොමැති බව ද මේ පර්යේෂණ ඔස්සේ තහවුරු කර තිබේ.

ඔබේ දිවි සරි ප්‍රාණයට නිසැකයෙන්ම ජීවයක්, පුනර්ජීවනයක් ලබාදෙන්නා වූ ‘සෙත්සුව ප්‍රාණජීව’ ඖෂධයේ ඇති වටිනාකම දේශීය වශයෙන්ද, ජාත්‍යන්තර වශයෙන්ද මේ ආකා‍රයෙන් විශේෂ පිළිගැනීමක් ලැබී ඇත්තේ මෙහි ඇති අමිල වූ ඖෂධීය ගුණය නිසාමය. දේශීය ඖෂධයක් වශයෙන් ‍ ‘සෙත්සුව ප්‍රාණජීව’ ඖෂධය ලොව පුරා අත්පත් කරගෙන ඇති කීර්තිය දේශීය වෙදකමේ විශිෂ්ටත්වය ලොවට හඬගා කියන කදිම නිදසුනක් වන්නේය. අමෙරිකාව, යුරෝපය, ජපානය, ඉන්දියාව, මැලේසියාව සහ මැදපෙරදිග ආදී රටවල් විශාල සංඛ්‍යාවකට මේ මහඟු ඖෂධය අපනයනය කිරීම මේ රටේ දේශීය වෛද්‍යකර්මය සමස්තයක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් නොවන්නේද?

සටහන - අමිල වික්‍රමාරච්චි


නව අදහස දක්වන්න