සඳහරිත කණ්ඩායම ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක | දිනමිණ

සඳහරිත කණ්ඩායම ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක

සදාහාරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා (මැද) සිය කණ්ඩායම සමඟ. (වමේ සිට දකුණට) ප්‍රාදේශීය කළමනාකාර මේනක ධර්මප්‍රිය, ප්‍රාදේශීය කළමනාකාර රුක්මන් රත්නායක, විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ, වන වගා උපදේශක ආචාර්ය උපුල් සුබසිංහ, පුහුණු සහ සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිරෝෂන් මානවඩු සහ ප්‍රාදේශීය කළමනාකාර නිහාල් තිසේරා යන මහත්වරු ද මෙහි වෙයි.

 

වාණිජ වන වගා ක්ෂේත්‍රයේ දැනට පවතින වඩාත් තිරසාර ආයෝජනය ලෙස සැලකෙන අගාවුඩ් වගා කිරීම සහ අලෙවිකරණය පිළිබඳ තවදුරටත් අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් සදාහරිත වැවිලි සමාගමේ නියෝජිතයෝ පිරිසක් පසුගියදා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක නිරත වූහ.

ඇසෑම් ප්‍රාන්තය ඉන්දියාවේ අගාවුඩ් අගනගරය ලෙස සැලකෙන අතර, එහි දී වන වගා කළමනාකරණය අගාවුඩ් මිල කිරීම, කම්කරුවන් පුහුණු කිරීම සහ අලෙවිකරණ අවස්ථා හඳුනා ගැනීම යන ක්ෂේත්‍රය පිළිබඳ ඉන්දීය විශේෂඥයන්ගෙන් ලබා ගත් දැනුම සදාහරිත සමාගමේ ඉදිරි ගමන සඳහා ද බෙහෙවින් මහෝපකාරී විය. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිවිසුමේ පිහිටි ඇසෑම් ප්‍රාන්තය භූතාන සහ බංග්ලාදේශ දේශ සීමාවන්ගෙන් වට වී ඇත.

‘ඇසෑම් ප්‍රාන්තයේ අගාවුඩ් වගාකරුවන්ගේ අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම අපගේ විශේෂඥ දැනුම ඔවුන් සමඟ බෙදාහදා ගැනීමට ද මේ සංචාරය අතරතුර අපට හැකි වුණා. එම දැනුම උපයෝගී කර ගනිමින් අපගේ පාරිභෝගික ජනතාව සඳහා විශිෂ්ට ආයෝජන අවස්ථා ළඟා කර ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි’ යනුවෙන් සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා ඇසෑම් සංචාරය පිළිබඳ සඳහන් කළේය.

සදාහරිත වැවිලි සමාගමේ වන වගා උපදේශක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් සුබසිංහ මහතා ද මේ සංචාරය සඳහා සහභාගී වූයේය. ඔහු විසින් ‘Gyrinops Walla: Recently discovered Agarwood producing tree in Sri Lanka’ යන මැයෙන් රචනා කරන ලද පර්යේෂණාත්මක ලිපිය ඉන්දියාවේ සාංචි (අගාර්) වගාකරුවන්ගේ සංගම් ජර්නලයේ පළ විය.

‘නීති විරෝධී ලෙස ගස් කැපීමේ නිරත පුද්ගලයන් හට ශාක පිළිබඳ නිසි දැනුමක් සහ අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් කිසිඳු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව ඕනෑම ප්‍රමාණයක ශාක කැපීමෙහි නිරත වෙනවා. මේ නිසා මේ වර්ගයේ ශාකවලට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තරව අගාවුඩ් සඳහා ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති තත්ත්වයක් තුළ ක්ෂේත්‍රයේ සූරා කෑම ද ඊට සමගාමීව වර්ධනය වී තිබෙනවා. අනවසර ගස් කැපීම හේතුවෙන් මවු ශාකවල වර්ධනය අඩාල වී ඇති අතර, ප්‍රතිනිෂ්පාදන හැකියාව ද අඩපණ වී තිබෙනවා’ ඔහු සිය ලිපියෙහි සඳහන් කරයි.

ශාක තුළ නිපදවෙන අගාවුඩ් ප්‍රමාණය ඉතා සීමිත වීම සහ කම්කරුවන් මත පදනම් වූ නිස්සාරණ ක්‍රියාවලිය හේතුවෙන් අගාවුඩ් තෙල් සඳහා අධික මිලක් පවතී. 


නව අදහස දක්වන්න