දෙහිවල-වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය 23 සිට 27දා තෙක් වසා තැබේ | දිනමිණ

දෙහිවල-වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය 23 සිට 27දා තෙක් වසා තැබේ

ශීලා උඩුවර

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල වැල්ලවත්ත අතර පිහිටි පැරණි දුම්රිය පාළම ඉවත්කර ඒ වෙනුවට නව දුම්රිය පාලමක් සවි කිරීම නිසා මේ 23 වැනිදා රාත්‍රී 10 සිට 27 වැනිදා පෙරවරු 4 දක්වා කාලය තුළ දෙහිවල - වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී. මේ 24 වැනිදා සිට 26 වැනිදා දක්වා මාතර , ගාල්ල, හා අළුත්ගම සිට පැමිණෙන දුම්රියන් දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණක්ද, මාතර , ගාල්ල, සහ අළුත්ගම දක්වා යන දුම්රියන් දෙහිවල දුම්රිය ස්ථානයෙන්ද, ගමන් අරඹන බව දෙපාර්තමේන්තුව කියයි.

මේ කාලය තුළ කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රියන් වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරනු ලැබේ. 

නව අදහස දක්වන්න