ගම්පහින් මාසයකදී ඩෙංගු රෝගීන් 1926ක් | දිනමිණ

ගම්පහින් මාසයකදී ඩෙංගු රෝගීන් 1926ක්

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල බල ප්‍රදේශයෙන් ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 1926ක් වාර්තාවෙයි.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබඳ ඒකකයට වාර්තා වී ඇති ආකාරයට ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල බල ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල 15 ආශ්‍රිතව මෙම ඩෙංගු රෝගීන් යැයි සැක සිතෙන රෝගීන් 1926 වාර්තාවී ඇත.

ඒ අනුව ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ වත්තලිනි. වත්තලින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 217කි. ඊළඟට ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 193කි. කැලණියේ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 167කි.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස තුළින් පහත සඳහන් ආකාරයට පිළිවෙළින් රෝගීන් වාර්තා වී ඇත.

ජා ඇළින් 164ක්ද, මිනුවන්ගොඩින් 164ක්ද, මීගමුවෙන් 163ක්ද, බියගමින් 157ක්ද, අත්තනගල්ලෙන් 154ක්ද, මහරින් 150ක්ද, සීදූවෙන් 85ක්ද, මීරිගමින් 79ක්ද, දොම්පෙන් 68ක්ද, කටානෙන් 61ක්ද, රාගමින් 52ක්ද, දිවුලපිටියේන් 50ක්ද, වශයෙන් ජනවාරි මාසය තුළදී ඩෙංගු රෝගීන් 1926 දෙනෙක් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග අංශයේ තොරතුරුවලින් අනාවරණය වෙයි. 

උඩුගම්පොල සමූහ

නව අදහස දක්වන්න