කෝටි 3ක කොකේන් කටුනායක දී අල්ලයි | දිනමිණ

කෝටි 3ක කොකේන් කටුනායක දී අල්ලයි

සුභාෂිණී සේනානායක

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් කටුනායක ගුවන්තොටුපොලේදී කොළඹින් ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට පැමිණි ලිතුවේනියානු ජාතිකයකු සහ නයිජීරියානු ජාතිකයින් දෙදෙනකු සතුව තිබියදී මෙම කොකේන් අඩංගු පාර්සල අත්අඩංගුවට ගෙන තිබේ.

මත්දව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් අනුව විමර්ශනය කර මෙම වැටලීම සිදුකර ඇත.

මෙම සැකකාර විදේශිකයන්ෙගන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුරටත් ප්‍රශ්න කරන අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න