මාලිංග, කඩුලූ 300 පසුකළ ලොව දෙවැන්නා වෙයි | දිනමිණ

මාලිංග, කඩුලූ 300 පසුකළ ලොව දෙවැන්නා වෙයි

පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ කඩුලූ 300 සීමාව පසුකළ ලොව දෙවන පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එක් විය.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සමග කැන්බරා හිදී ඊයේ පැවති තරගයේදී මාලිංග ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගත්තේය.

පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ කඩුලූ 300ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝයි.

ඔහු විස්සයි විස්ස තරග 344කදී කඩුලූ 367ක් මේ වන විට දවාගැනීමට සමත්ව සිටියි.

ලසිත් මාලිංග මේ වන විට පන්දුවාර විස්ස තරග 222කට ක්‍රීඩා කරමින් බිඳහෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 300ක්. 

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය මෙල්බන් නුවරදී  හෙට පැවැත්වීමට නියමිතයි. 

නව අදහස දක්වන්න