මිනිපේ ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු අපනයන භෝග වගා සැලසුම් | දිනමිණ

මිනිපේ ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු අපනයන භෝග වගා සැලසුම්

 මිනිපේ ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ගෙවතු වල සුළු අපනයන භෝග වගාකරවීමට ගොවීන් යොමු කරවීම සඳහා මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආරම්භ කොට ඇති වැඩසටහනට සමගාමීව ගොවීන් වෙත පොල් පැළ හා බද්ධ ගම්මිරිස් පැළ ලබාදීම ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ගුණරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

හසලක ග්‍රාම සේවා වසමේ බටහිර වරාගොල්ල ගම්මානය මෙම කටයුත්ත සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගෙන ඇත.එම ගම්මානයෙන් තෝරාගත් ගොවීන් 28 දෙනෙක් වෙත එක් අයකුට පොල් පැළ හතරක් හා බද්ධ ගම්මිරිස් පැළ 40 බැගින් ලබාදුන් අතරමීට අමතරව වල් කපන යන්ත්‍ර දෙකක්ද ගස්වල අතු කපන යන්ත්‍ර දෙකක්ද ඔවුන් වෙත ලබා දුන්හ.

එම ගම්මානයේ පදිංචි අරඹගේ ජයවර්ධන ගොවි මහතා එහිදී පැවසූ පරිදි ගම්මිරිස් වගාව සාර්ථකව කරගෙන යාම සඳහා ගැළපෙන පරිසර සාධක මෙම ප්‍රදේශයේ පවතී.

සටහන හා ඡායාරූපය
ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමරගුණරත්න 

නව අදහස දක්වන්න