නීති ගැටලු ඉදිරිපත් කරන්න දුරකථන අංක දෙකක් | දිනමිණ

නීති ගැටලු ඉදිරිපත් කරන්න දුරකථන අංක දෙකක්

කමනි අල්විස්

මහජනතාවට යම් නීතිමය ගැටලුවක් තිබේ නම් එම ගැටලුව සඳහා විද්වත් නීතිඥ වරුන්ගෙන් නොමිලේ නීතිමය උපදෙස් ලබාදීම සඳහා අදාළ නීති ගැටලුව ඉදිරිපත් කිරීමට  අද (16) සිට දුරකථන අංක දෙකක් විවෘතව පවතින බව ජාතික නීති සතිය කැඳවුම්කරු නීතිඥ නිෂාන් ප්‍රෙමතිරත්න මහතා දිනමිණට පැවසීය.

එළඹෙන ජාතික නීති සතිය නිමිතිකරගෙන මෙම සමාජ සත්කාරය සිදු කෙරෙයි. දුරකථනය ඔස්සේ ඉදිරියට කෙරෙන නීති ගැටලු සඳහා යොමු අංකයක් ලබාගන්නා ලෙසටත් නීතිඥ ප්‍රෙමතිරත්න මහතා පැවසීය. අදාළ නීතිමය ගැටලුව සඳහා විද්වත් නීතිඥවරයකුගේ උපදෙස් දිස්ත්‍රික්ක පාසා පැවැත්වෙන නීති සායන තුළදී ලබාදෙනු ඇත.

නීති ගැටලු ඉදිරිපත් කළ යුතු දුරකථන අංක මෙසේය. 0113133864 සහ 0113133872 එම දුරකථන අංකයන්ය.

මාර්තු 2දා දක්වා මෙම දුරකථන අංක වෙත නීතිමය ගැටලුව ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව තිබේ. මෙම දුරකථන අංක දෙකෙන් එකකට තම ගැටලුව ඉදිරිපත් කර යොමු අංකයක් ලබාගන්නා ලෙසත් ඒ මහතා පැවසීය. සඳුදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින හය තුළ උදේ නවයේ සිට සවස පහ දක්වා අදාළ නීති ගැටලුව ඉදිරිපත් කළ හැකිය. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව හෝ වැඩිදුර උපදෙසක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහාත් අවස්ථාව මේ යටතේ උදා වෙයි. ජාතික නීති සතිය මෙම 27 දා ආරම්භ වන අතර මාර්තු 4දා දක්වා පැවැත්වෙයි. 

නව අදහස දක්වන්න