වී අලෙවි මණ්ඩලය මිලදීගැනීම අරඹයි | දිනමිණ

වී අලෙවි මණ්ඩලය මිලදීගැනීම අරඹයි

උදිත ගුණවර්ධන

මහ කන්නයේ අස් වැන්න නෙළීම අාරම්භ කිරීමත් සමග වෙළෙඳ ‍පොළේ ඉහළම මිලට වී මිලදී ගැනීමට වි අලෙවි මණ්ඩලය කටයුතු කර ඇතැයි වී මණ්ඩලයේ සභාපති එම්.ඩී දිසානායක මහතා පවසයි.සහතික මිල යටතේ වී මිලදී ගැනීම නිසා ගොවියාගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ඇතැයි පෙන්වා දෙන සභාපතිවරයා මහ කන්නයේ දී සම්බා කිලෝවක් රුපියල් 41ටත් නාඩු කිලෝවක් රුපියල් 37 කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් පනහකටත් මිලදි ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.

දැනටමත් නැගෙනහිර පළාතේ අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති අතර රජරට සහ වයඹ අස්වැන්න නෙළීම ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතය

නව අදහස දක්වන්න