සුවහස් මල් දැක්ම මාතලේ දී | දිනමිණ

සුවහස් මල් දැක්ම මාතලේ දී

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවිධානය කරන මාතලේ දිස්ත්‍රික් සුවහස් මල් සංගමයේ විසිතුරු මල් ප්‍රදර්ශනයක් හා අලෙවි දැක්මක් මේ මස 23 සිට 25 දක්වා මාතලේ මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ අලංකාර හා විසිතුරු මල් වගාකරන ව්‍යවසායකයින් හා සුළු හා මැදි පරිමාණ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන මේ ප්‍රදර්ශනයට තබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාර මහින්ද සාලිය මහතා ප්‍රකාශ කළේය. දිරියෙන් නැගී සිටීමට වෙර දරණ සුළු පරිමාණ ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ සහනදායි ණය ‍යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබයි. මේ තුළින් අත්වැල හා දිරිය ලැබූ ව්‍යවසායකයෝ 100 දෙනෙකුට ආසන්න පිරිසකගේ භාණ්ඩ මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාල භූමියේ පැවැත්වෙන මේ තෙදින මල් ප්‍රදර්ශනය උදේ 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.


නව අදහස දක්වන්න