‘බොරු ප්‍රවෘත්ති’ තාක්ෂණිකව පාලනය කළයුතුයි | දිනමිණ

‘බොරු ප්‍රවෘත්ති’ තාක්ෂණිකව පාලනය කළයුතුයි

ඇපල් සමාගමේ ප්‍රධානියා අවධාරණය කරයි

'බොරු ප්‍රවෘත්ති' ප්‍රවණතාව මැඩ පැවැත්වීම සඳහා දැන් තාක්ෂණික සමාගම් පෙරමුණ ගත යුතු බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ප්‍රකාශ කළේය. ඩේලි ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ ව්‍යාජ පුවත් ප්‍රකාශය පත් වීම පාලනය කිරීම සඳහා තාක්ෂණ ක්ෂේත්යේ සියලු සමාගම් මෙවලම් සකස් කළ යුතු බවය.

පුද්ගලයාගේ සහ ජනමාධ්‍ය වල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවක් නොවන අයුරින් මෙම ගැටළුවට විසඳුම් ලබා දිය යුතු බවත්, කෙසේ හෝ අවසානයේදී පාඨකයා රැක ගත යුතු බවත් ඔහප්‍රකාශ කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතන්‍යයේ අගමැතිනී තෙරේසා මේ මහත්මිය හමු වී ඔහු, මෙම ගැටළුව පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ නූතන ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ යුතු බව ද, අවශ්‍ය නම් එය කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බව ද එතුමියට පෙන්වා දුන්නේය.

ව්‍යජ පුවත් ප්‍රචාරය කිරීමෙන් ප්‍රතිලාභ හිමි වන්නේ තමන්ගේ ප්‍රවෘත්ති සඳහා වැඩි ලයික්ස් ප්‍රමාණයක් ලබා ගැනීමට වෙහෙසෙන සුළුතරයකටයි. එය එක්තරා ආකාරයකට ජනතාවගේ මනස විකෘති කිරීමක් වෙනවාÓ යනුවෙන් ඔහු අවධාරණය කර සිටී.

ව්‍යාජ පුවත් ප්‍රවණතාව ආරම්භ වූයේ පසුගිය ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ කාල සීමාව තුළවන අතර, ඉන් වැඩි ම බලපෑමක් සිදු වී ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයටය.

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලාංකේය පුරවැසියන් සඳහා වීසාවලින් තොරව ඇමරිකාවට පැමිණීමට අවස්ථාව සලසා දී ඇති බවට පසුගියදා පුවතක් ප්‍රචාරය වූ අතර යම් වෙබ් අඩවි ද එම පුවත සඳහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.

- හසිත කැකුලාවල
මූලාශ්‍රකය : AFP

නව අදහස දක්වන්න