සීමා නීර්ණ වාර්තාව රජයේ මුද්‍රණාලයට | දිනමිණ

සීමා නීර්ණ වාර්තාව රජයේ මුද්‍රණාලයට

සිතාරා සේනානි

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත අද (17) භාර දෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ඒ අනුව එකී වාර්තාව අද දින ම ගැසට් කිරීමට ද ඉඩ ඇති බව පවසන ඇමැතිවරයා, එහි මුද්‍රිත පිටපත ලබන සතිය වනවිට ජනතාවට දැක බලා ගැනීමට හැකි වනු ඇතැයි ද සඳහන් කරයි. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේදී ය. එමෙන්ම පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනය ද හැකි ඉක්මනින් නිකුත් කරන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

සීමා නීර්ණ කමිටුවේ මුල් වාර්තාවේ අඩුපාඩු සකස් කිරීම විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඒ සඳහා කණ්ඩායමක් ලබා දෙමින් විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඇමැතිවරයා කීය. 

නව අදහස දක්වන්න