කොළඹ ප්‍රවේශ මාර්ග 4ක් අවහිර වෙයි | දිනමිණ

කොළඹ ප්‍රවේශ මාර්ග 4ක් අවහිර වෙයි

අද පස්වරු 12 සිට 3 දක්වා ගාලු පාර ,   නුවර පාර, හයිලෙවෙල් පාර සහ  මීගමුව පාර යන  මාර්ග වල වාහන තදබදයක් නිර්මාණය විය හැකි නිසා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ඉල්ලා සිටියි. 

ඒ, සරසවි සිසුන්ගේ රථ පෙළපාලියක් කොළඹ නගරයට පැමිණීමට නියමිත නිසා වෙනි.

එසේම පෙළපාලි කරුවන් පස්වරු  03ට කොටුව දුම්රිය ස්ථානයට රැස් වන බැවින් කොළඹ කොටුව ආශ්‍රිත ඕල්කට් මාලත, ලෝටස් මාවත , මරදාන පාර, අලුත්කඩේ යන ප්‍රදේශ වල ද රථ වාහන තදබදයක්  නිර්මාණය විය හැකි බව පොලීසිය  වැඩිදුරටත් පවසයි.

නව අදහස දක්වන්න