නයිජීරියානු ජාතිකයින් 09ක් අත්අඩංගුවට | දිනමිණ

නයිජීරියානු ජාතිකයින් 09ක් අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ ජාල අඩවිය මගින් සම්බන්ධතා පවත්වමින් මෙරට විවිධ පුද්ගලයින්ගේ මුදල් ලක්ෂ ගණනින් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් එම පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බව ය.

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වා ගනිමින් එංගලන්තයේ රැඳී සිටින බව පවසා මෙරට විවිධ පුද්ගලයින්ට ඔවුන් ව්‍යාජ භාණ්ඩ ලබා දී තිබේ.

අදාළ භාණ්ඩ මුදා ගැනීම සඳහා බදු වශයෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාලඹේ ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.

නව අදහස දක්වන්න