කුරුණෑගල මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙකක් | දිනමිණ

කුරුණෑගල මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙකක්

හයර් එකක් යන මුවාවෙන් ගොස් රියැදුරු ඝාතනයකොට මෘත ශරීරය නිකවැරටිය, හුළුගල්ල වැවට දමා ගිය නඩුවේ විත්තිකරුවන්ට මරණීය දඬුවම් නියම කරන ලදී.

වයඹ පළාත්බද කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ දිගහැරුණු මේ නඩුවේ චූදිතයන් වන සමරකෝන් මුදියන්සේලාගේ නිමල් සිරිවර්ධන සහ සුගත් ජයසිංහ යන අය වර්ෂ 1998 සැප්තැම්බර් මස 12 වැනි දින හයර් එකක් යන මුවාවෙන් නිකවැරටිය නගරයෙන් මෝටර් රථයක් කුලියට ගෙන නන්නාදුනන ප්‍රදේශයකට ගෙන ගොස් රියැදුරුට පිහියෙන් ඇන ඝාතනය‍කොට මෘත ශරීරය හුළුගල්ල වැවට දමා යෑම සහ වාහනය කොල්ලකෑම යන ‍චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව කුරුණෑගල මහාධිකරණයට යොමුකොට තිබුණි.

අපරාධ නඩු විධිවිධාන පනතේ 241 වගන්තිය යටතේ ගොනුකර තිබූ මේ නඩුවේ පළමු චූදිත නිමල් සිරිවර්ධන තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ අධිකරණ‍ය හමුවේ පෙනී නොසිටියෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කරමින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට එම දඬුවම එසේම ක්‍රියාත්මක වන බැව් කියා සිටියා ය. වාහනය පැහැර‍ගැනීම සහ රු: 50,000/=ක් වටිනා රන් දම්වැලක් පැහැරගැනීමේ චෝදනා යටතේ රු. 50,000/=ක දඩයක් ද නියම කරන ලදී.

ආරියපාල වංශතිලක
කුරුණෑගල මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න