සුර­ක්ෂිත සුව­සේ­වා­වක් ලබා දෙන නව­ලෝක මාතෘ සහ ළදරු සත්කා­රක ඒක­කය | දිනමිණ

සුර­ක්ෂිත සුව­සේ­වා­වක් ලබා දෙන නව­ලෝක මාතෘ සහ ළදරු සත්කා­රක ඒක­කය

පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නියමුවා වන නවලෝක රෝහල් සමූහය අවිවාදයෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ රෝග රැසක් සඳහා සුවසේවාවන් ලබා දෙන පුද්ගලික අංශයේ විශාලතම රෝහල් සමූහය වේ. මේ විවිධාංගීකරණය තුළ මාතෘ සහ ළදරු සුවසේවාවන් සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වන අතරම මවුපියන්ගේ ප්‍රාර්ථනාවන් එලෙසම සුරක්ෂිතව ඉටු කර දීමට නවලෝක මාතෘ සහ ළදරු සත්කාරක ඒකකය කැපවී සිටී. ගර්භණී සමය ආරක්ෂාකාරී ලෙසත් නීරෝගී ලෙසත් ගත කරමින් නිරෝගී දරු ප්‍රසූතියක් ලබා දීම සෑම මවකගේම ප්‍රාර්ථනයයි.

එම ප්‍රාර්ථනය සාක්ෂාත් කර ගැනීමට නම් එම තීරණාත්මක කාලසීමාව ගත කිරීමට ඉතාම සුදුසු ස්ථානය ඥාණාන්විතව තෝරා ගැනීම එක ලෙස වැදගත් වෙයි. නවලෝක මාතෘ සහ ළදරු සත්කාරක ඒක

කය මේ ක්ෂේත්‍ර දක්වා ඇති විශිෂ්ටත්වය සහ අති දියුණු වෛද්‍ය තාක්ෂණික ප්‍රතිකාරයන් නවලෝක මාතෘ සහ ළදරු සත්කාරක ඒකකය පිළිබඳව මවුපිය විශ්වාසය විශාල වශයෙන් වර්ධනය වීමට හේතු සාධක වී ඇත.

‘විකල්ප ක්‍රමවේද පිළිබඳව පවතින අඩු දැනුවත් බවත්, සංස්කෘතිකමය වශයෙන් එළැඹ සිටින පූර්ව නිගමන නිසා ගර්භණී සමය සහ දරු ප්‍රසූතිය ඉතා වෙහෙසකාරී ක්‍රියාදාමයක් බවට පත්ව තිබෙනවා. නමුත් නවලෝක මාතෘ සහ ළදරු සත්කාරක ඒකකය තුළින් අපගේ රෝගීන් වෙත ලොව ඉහළම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය විද්‍යාත්මක පදනමට අනුකූලව වර්තමාන තත්වය පිළිබඳව තීරණ ගැනීමට අප විසින් උදවු ලබා දෙනවා.

ගර්භණී සමය සහ මාතෘත්වය පවුලකට ලැබිය හැකි මිල කළ නොහැකි සම්පතක් . ඒ නිසා මොවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා මේ ඒකකය ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගෙන තිබෙනවා.

ගර්භණී සමය සහ මාතෘත්වය පිළිබඳව මව සහ පියා දැනුවත් කිරීම සඳහා වැඩමුළු පවත්වනු ලබනවා.

මීට අමතරව ගර්භණී සමයේ දී පූර්ණ සත්කාරක සේවාවක් මවට ලබා දෙන අතර ප්‍රසූතිය සහ ප්‍රසූතියෙන් අනතුරුව ඇති විය හැකි වේදනාවන් සඳහාත්, මවුකිරි නිවැරැදි ආකාරයට ලබා දෙන ආකාරය පිළිබඳත් අපි මෙහි දී මවුවරුන් දැනුවත් කරනු ලබනවා’ යනුවෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහ ලැපරොස්කොපික් ශල්‍ය වෛද්‍ය සහ ඵල්‍යතා විශේෂඥ වෛද්‍ය රොෂාන් සෙයිරිඩීන් සයිඩ් මහත්මිය පැවසුවාය. 

නව අදහස දක්වන්න