හොරුන්ගෙන්-ජාතිවාදීන්ගෙන් තොර සන්ධානයක් හදනවා | දිනමිණ

හොරුන්ගෙන්-ජාතිවාදීන්ගෙන් තොර සන්ධානයක් හදනවා

 

විමල් වීරවංශ මහතාගේ පක්ෂය සන්ධානයේ සාමාජික පක්ෂයක් හෝ සන්ධානය සමඟ ගිවිසුම් ගත නොවූ නිකම් නමට පමණක් ඇති පක්ෂයක් බවත් එහෙම පක්ෂ කිහිපයක් තිබෙන බවත් කියා සිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීමට ඉතා ඉක්මණින් අවශ්‍ය පියවර ගන්නා බවත් පැවැසීය.

වංචා හා දූෂණවලට සම්බන්ධ පිරිස්වලින් තොර, ජාතිවාදී කණ්ඩායම්වලින් තොර පක්ෂයක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කිරීමට තමන් කැමති බව ද ඇමතිවරයා කීය. මහින්ද අමරවීර මහතා එසේ කීවේ වවුනියාව මාමඩුව ප්‍රදේශයේ මිරිදිය ධීවරයන් පිරිසකට ඔරු හා ධීවර ආම්පන්න බෙදාදීමේ වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

නව අදහස දක්වන්න