කිම් ජොන් නම් ඝාතනය කළ කාන්තාවන්ට මිනිමැරුම් චෝදනා | දිනමිණ

කිම් ජොන් නම් ඝාතනය කළ කාන්තාවන්ට මිනිමැරුම් චෝදනා

උතුරු කොරියානු නායක කිම් ජෝන් අංගේ සොහොයුරෙකු වන කිම් ජොන් නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනා එල්ල වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම චෝදනා ඔප්පු වුවහොත් මොවුන් දෙදෙනාට මරණ දඩුවම නියම කරනු ඇති බවයි.

මෙම ඝාතනයට අත්අඩංගුවට ගෙන ඇත්තේ වියට්නාම් සහ ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙක්.

වී එක්ස් නමැති විෂ වායු ප්‍රහාරයක් එල්ල කර කිම් ජොන් නම් ඝාතනය කර තිබුණි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල කළ කාන්තාවන් දෙදෙනා උතුරු කොරියානු නියෝජිතවරියන් ලෙසටයි සැක කරන්නේ.

නව අදහස දක්වන්න