කුමාරතුංග මුනිදාස මහ විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය | දිනමිණ

කුමාරතුංග මුනිදාස මහ විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ

දික්වැල්ල කුමාරතුංග මුනිදාස මහ විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඉකුත් දා දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. දින 03ක් මුලුල්ලේ පැවැති මෙම ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල ඉකුත් දා මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ආර්.කේ.හර්ෂණී ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර දික්වැල්ල කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා අබේවික්‍රමසිංහ මහත්මිය ඇතුළු ප්‍රදේශයේ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු අමුත්තන් රාශියක් එක්ව සිටියහ. ක්‍රීඩා සමාප්ති උළෙල ආරම්භ කිරීමට පෙර දික්වැල්ල අලුත් පාර මංසන්දීයේ පිහිටි කුමාරතුංග මුනිදාස ශුරීන්ගේ පිළිරුවට විදුහල්පති එච්.එම්.ඩී.පියසිරි මහතා විසින් මල් දමක් පලඳවා උපහාර දක්වනු ලැබීය.ක්‍රීඩා උත්සවයේ විවිධ අවස්ථාවන් මෙහි දැක්වේ.


නව අදහස දක්වන්න